07

747 145 24
                                    

🐶❤

ජීව විද්‍යාව...

ඒත් රං කොහොමද..

කෙල්ලොන්ගේ ලෙඩ බලන්නේ... අනේ සමන්ත මට ලැජ්ජයි....!

ලොකූ ඔයාගේ රං හැම අතින්ම පිරිසිදු කොල්ලෙක් ලොකූ.....

මන් හැම පොතක්ම බලන් බලන් ගියා.. තේරෙන තැන් මොනවද කියලා... තේරුනත් නැතත් මේ ඔක්කොම මන් කොමහරි පාඩම් කරන්න ඕන... මන් ජීව විද්‍යාව පලවෙනි පාඩම පෙරලගෙන.. ඔක්කොම කියවන ගත්තා... දන්නැති ඒවා  අනිත් පොත් වලින් හොයාගන්න ඇහැකිනේ..

පැය ගාණක් එක දිගට මන් වැඩ කරේ පුරුද්දට... ඉස්සර ඉදන්ම රං ට හොඳට පාඩම් කරලා පුරුදුයි.. ලොකූ එක්ක එලි වෙනකම් මන් පාඩම් කරනවා.. තරඟෙට...

ඥෑව්ව්.......

සමන්ත මුගේ ලැජ්ජ නහරේ ලොකු අම්ම කපල ද..?

මන් වතුර එක ගහලත් මෙන්න මේ පූස් තඩියා ආයෙම ඇවිත් මගේ කකුලේ ඇතිල්ලෙන්න ගත්තා...  

ර්‍ර්... මේ පුක්මන්තා එක්ක රං තරහයි තමයි ඒ උනාට මන් කුස්සියට ගිහින් ලොකු අම්මා හදලා තියපු බත් එක්ක මාලු ටිකක් අනලා මූට පැත්තකට දැම්මා..

ඊටපස්සේ මාත් කන්න බෙදාගත්තේ.. ආයේ වෙලාවක් ගන්න ඕන්නැති නිසා..

දවල් වරුවෙම මන් පොතේ...... ඒත් කම්මැලි නිසා මන් පොත අරන් ඇඳට ආවා...

රං.... නැගිටින්න රත්තරනේ...

ම්ම්ම්ම්ම්....

මන් අමාරුවෙන් කෙඳිරි ගෑවා.. මගේ මුලු ඇඟම රිදෙනවා.... ලොකු අම්මාත් ඇවිල්ලා.. ඒත් මට නැගිටගන්නත් බෑ හරිම අමාරුයි...

උදේ ඉදන් අමාරු උනා ද රං..

ලොකු අම්මා මගේ ඔලුව අත ගගා අහනකොට මන් නෑ කියන්න ඔලුව වැනුවා.

බෙහෙත් ටිකක් ගන්න යන් පුතේ.. හෙට ස්කෝලේනේ...

හවස වැඩිපුර නාපු නිසා වෙන්නැති.. ලොකූ ඉදියනම් හරි.... අනේ ලොකූ... ලොකු අම්මා මට ආදරෙයි තමයි..ඒත් මට මගේ ලොකූව ඕන... මන් අමාරුවෙන් නැගිට්ටා.. ඔලුවත් බර වෙලා වගේ.. වෙලාව හවස හය විතර..

පැනඩෝල් එකක් බිව්වම හරි යාවිනේ ලොකු අම්මේ..

මන් මුලු ඇඟම රෙද්දෙන් වහගෙන කියුවෙ.. ලොකු අම්මා සමහන් එකකුත් අරගෙන එද්දී...

The Owner of Moon ❤ ( සඳේ අයිතිය සොයා🌙) KookV🌟Where stories live. Discover now