Chapter 14

401 62 4
                                    

🐰 Jungkook
🐯 Taehyung
🐨 Namjoon
🐼 Jin
🐱 Yoongi
🐥 Jimin
🦄 Hoseok
🐺 Si woo

✿___________________________________✿

             එදායින් පස්සෙ ආපු හැම දවසකම මට දකින්න උනේ එකම දේ. මගෙ මේට් වෙන කෙනෙක් එක්ක ඉන්න එක. දන්නවද ඒක ලොකු වේදනාවක්. පපුව ඉරෙනව වගේ ලොකු වේදනාවක්. ඒත් මං දරාගත්තා නෑ මට දරාගන්න උනා. මගෙ කියල ඉන්න පවුල වෙනුවෙන් මට දරාගන්න උනා. මොකද මටත් වඩා වේදනාවෙන් ඉන්න මං දිහා බලන් විදවන්නෙ මගෙ හියුන්ලා නිසා. ජුන් හියුන්, යුංගි හියුන් නොපෙන්නුවත් මට ගොඩාක් ආදරෙයි හොබී හියුන් එයාගෙ ආදරේ ලෝබ නැතිව දුන්නත් Jungkook ඉස්සරහා එයාලත් අසරණයි. හොදම දේ ඉවසන්න එක ටේ. ඔව් ටේ අපි ඉවසමු.

        ඒ විදිහට මාව ප්‍රතික්ෂේප වෙන්න අරන් සතියක් ගෙවිලා ගියා. එදායින් පස්සෙ මං ඉන්න තැනකවත් එයා හිටියෙ නෑ. ඒ නිසාම මං එයාල ලගට යන එක නැවැත්තුවා. මං අනිත් අයට වඩා වෙනස් ඔව් මට ඔනී උනේ නෑ එයා ලග උනත් දෙකට නැමෙන්න. ඒත් අදටත් මං එයාව මගෙන් ඈත් කරන්න ඔනී උනේ නෑ. හුම්ම්ම්ම්.........

     මම හිටියෙ Library එකේ. හියුන්ලා එයාලගෙ මේට්ලව හම්බවෙන්න ගියා. දැන් සතියක් තිස්සෙ මං ඒ අය ලගට ගියේ නෑ. පොතක් අස්සෙ ගිලිලා හිටපු මාව ටික ටික නොසන්සුන් වෙනව දැනෙන්න ගත්තා.

🐯 : " මොකක් හරි දෙයක් වෙනව "

🐯✉ : woo හියුන් ඔයාල කොහෙද මොකද්ද වෙන්නෙ මට වෙනසක් දැනෙනවා.

🐺✉: ටේ කලබල වෙන්නෙ නැතිව cafeteria එකට එන්න අපි එතන.

❄️..............................................................❄️

අපි හිටියෙ Cafeteria එකේ. ඒත් එක්කම පැක් එකෙ ප්‍රධාන ආරක්ෂකගෙන් මට මයින්ඩ් ලින්ක් එකක් ආවා.

🍂✉ : Alpha අපිට ඇටෑක් එකෙක්. අපිට ලොකු කරදරයක් නෑ හැමෝම වගේ ආරක්ෂිතයි. ඒත් එයාල හොයන්නෙ එයාව. එයාව පරිස්සම් කරන්න.

🐺✉ : මම ඉක්මනට එන්නම්.

🍂✉ : අපි හොදින් Alpha එයාව ආරක්ෂා කරන්න.

ඒත් එක්කම මට ටේ ගෙන් මයින්ඩ් ලින්ක් එකක් ආවා. එයාටත් දැනිලා. මේ වෙලාවෙ එයාව කලබල කරල බැරි නිසා ඉක්මනට එයාව අරන් සේෆ් තැනකට යන්න ඔනී.

Destiny ( Taekook ) 🐺💜️🌠Where stories live. Discover now