Chapter 29

265 30 1
                                    

🐰 Jungkook
🐯 Taehyung
🐨 Namjoon
🐼 Jin
🐱 Yoongi
🐥 Jimin
🦄 Hoseok
🐺 Si woo
👿 Ara

✿___________________________________✿

     වංශ සියල්ලටම ගිහින් උදව් ඉල්ලුවත් මේ වෙනකනුත් එයාලව අරන් ගියපු තැනක් හොයාගන්න අපිට බැරි උනා. මකර වංශය සුරගන වංශය ඇතුලු වංශ බොහෝමයක් අපිට උදව් කරන්න මේ වෙනකොටත් අපේ පැක් එකට ඇවිත් තියෙනවා.

🐱 : වැඩක් නෑ අපි යවපු එකත් කිව්වෙ වැම්පයර් මාලිගාව මේ වෙනකොටත් හිස්ලු. හැබැයි හමුදාව රැස් වෙලාලු ඉන්නෙ.

🐺 : ඒ කියන්නෙ ඌ ඉන්නෙ වැම්පයර් රාජධානිය ඇතුළෙමනෙ අපි කෙලින්ම පහර දෙමු.

🐰 : ඒක කරන්න බෑ. ඌ ඉන්නෙ කොහෙද කියලා නොදැන අපි පහර දුන්නොත් එයාලටත් අනතුරක් වෙන්න පුලුවන්. අනිත් දේ ඒ රාජධානිය ඇතුළෙත් අහිංසක මිනිස්සු ඉන්නවා. මට සිද්ද වෙනවා ඒ මිනිස්සු ගැනත් හිතන්න.

🐨 : ඔව් ඒ වගේම අපේ එක හදිස්සි තීරණේකින් අපිව විශ්වාස කරන් මේ ගමනට එන අහිංසක මිනිස්සුන්ටත් නිකරුනේ මැරෙන්න දෙන්න බෑ.

🐱 : ඌ මාලිගාවෙත් නෑ පේන්න එළිමහනකවත් නෑ ඇත්තටම ඌ කොහෙද ඇත්තෙ.

ඇත්තටම අපි හැමෝටම වගේ තිබුණේ ඒ ප්‍රශ්නෙ. මූ කොහොමද අපි හැමෝගෙම ඇස් වහලා හැංගිලා ඉන්නෙ. ආයෙත් මුල ඉදන්ම මං කල්පනා කරා මගෙත් ඇස් වහලා ඌට හැංගිලා ඉන්න තැනක් කොහෙද තියෙන්නෙ කියලා. ඒත් එක්කම මගේ මතකෙට ආපු දේත් එක්ක මාව නිකන්ම පුටුවෙන් නැගිට්ටුනා.

🐨 : ජංකුක් මොකද ඇයි මොකද්ද උනේ.

🐰 : මං දන්නවා ඌ ඉන්න තැන. අශ් ඇයි මට ඒ තැන ගැන අමතක උනේ. හියොන් ඔයාට මතකද අපිව හැදුව ආය අම්මා අපිට පොඩිකාලේ අපේ ඔම්මා ඉස්සර කරපු දේවල් ගැන කතා කියලා දුන්නා. ඒ කතා වල තියෙනවා වැම්පයර් රාජධානියේ මාළිගාව යට කව්රුත් නොදන්න කොටසක් තියෙනවා කියලා. ඒ වගේම ඒ කොටසට යන්න පුලුවන් රහස් දොර තියෙන්නෙ සිංහාසනේට පිටිපස්සෙන් කියලත්. ඌ... ඌ... ඉන්නෙ එතන.

🐨 : දෙවියනේ ඔව්මයි....

🐺 : ඒත් ඒක නිකන්ම කතාවක්නම් ආය අම්මා ඔයාලට කියපු.

Destiny ( Taekook ) 🐺💜️🌠Where stories live. Discover now