Chapter 27

266 34 5
                                    

🐰 Jungkook
🐯 Taehyung
🐨 Namjoon
🐼 Jin
🐱 Yoongi
🐥 Jimin
🦄 Hoseok
🐺 Si woo
👿 Ara

✿___________________________________✿

🐰 : මකර මානක්‍යයේ බලය දැන් තියෙන්නෙ ඒක තියෙන්න ඔනී හරිම තැන.

🐱 : ඒ කියන්නෙ තේරෙන්න කියපන්කො මගුල.

🐰 : ඒ බලය දැන් තියෙන්නෙ මකර මානක්‍යය ඇතුලේ. ඒක තියෙන්න ඔනී හරිම තැන.

  මං දැනන් හිටියා අපිට ලැබුනෙ මේ බලයන් පස්සෙ කව්රු හරි කෙනෙක් පන්නන බව. ටේගෙ පැක් එකට උනු හදිසි ඇටැක් එක උනත් නොසලකා හරින්න බෑ නෙ. ඒ නිසාම පැක් එකේ හිටිය වයසම කන්තාව හමුවෙන්න මීට මාස ගානකට උඩදි මං තනියම ගියා.

මාස කිහිපයකට පෙර.....

🧙 : උතුමාණෙනි පැමිණෙන්න....

🐰 : මං හිතන්නෙ ඔබ දැනටමත් දන්නවා මං ආපු කාරනය.

🧙 : හ්ම්... යම් තරමකින් මා දැණුවත්... නමුත් ඔබේ තීරණය තවමත් ඔබ සතුයි.

🐰 : මගේ තීරණය මේ බලයන් මටවත් මගෙ ලූනටවත් අවශ්‍ය නෑ. ඒක තමයි මගේ වගේම ඔහුගේ අවසන් තීරණය.

🧙 : ඔබට විශ්වාසද...

🐰 : ඔව්

🧙 : හොදයි.... මං ඔබව එක් ස්තානයකට රැගෙන යන්නම් ඔබව අවශ්‍ය සියල්ල එතනින් දැනගන්න පුලුවන්.

  එහෙම කියපු ඇය මාව එක්කගෙන ගියේ මගෙ පැක් සීමාවෙම තියෙන කැලෑවෙ කෙලවරට. එතන තිබුනේ දේවාලයක්. ඒත් මං කවදාවත් මේක මීට කලින් අහලවත් දැකලවත් තිබුනේ නෑ. ඇය කෙලින්ම ඇවිදන් ගිහින් නැවතුනේ දේවාලේ ඇතුලේ තිබුණු ලොකු පිළිමයක් ළග. ඒක ලොකු මකර පිළිමයක්.

🧙 : උතුමාණෙනි මේ තියෙන්නෙ මකර දෙවොල. මකර මානක්‍යයේ නිවහන.

ඇත්තටම ගොඩක් ලස්සන තැනක්. මේ දේවාලයේ බිත්ති පවා හරිම ලස්සනයි.

🧙 : මේ දෙවොල හැදිලා තියෙන්නෙ මේ ලෝකෙ පැරණිම මකර රජුගෙ ශරීරයෙන්. මේ බිත්ති නිර්මාණය වෙලා තියෙන්නෙ ඔහුගෙ කොරපොතු වලින්. අනර්ග නිර්මාණයක් මෙය. ඒ වගේම මෙය කැපකිරීමේ සංකේතයක්.

🧙 : ඔබට අවශ්‍ය දේ දැනගැනීම නම් ඔහුව කැදවීමට වෙනවා. නමුත් එය මට කල නොහැකියි. එය කල හැක්කේ ඔබතුමාට පමණයි.

Destiny ( Taekook ) 🐺💜️🌠Where stories live. Discover now