Chapter 30

408 42 13
                                    

🐰 Jungkook
🐯 Taehyung
🐨 Namjoon
🐼 Jin
🐱 Yoongi
🐥 Jimin
🦄 Hoseok
🐺 Si woo
👿 Ara

✿___________________________________✿

මට දැනුනෙ ලොකු වේදනාවක් මගේ ඇල්ෆට උදව් කරන්න ඔනී උනත් මං හිර වෙලා. මං වැඩකට නැති මේට් කෙනෙක්. මට දැනුනෙ එහෙම. ඒත් එක්කම වැම්පයර් මගේ අල්ෆා දිහාට කඩුව අරන් එනවත් එක්කම මට දැනුනා මගේ වුල්ෆ්ට ගොඩාක් කේන්තී යනවා. ඒත් එක්කම මගේ ඇග ඇතුලෙන් ලොකු ශක්තියක් එකතු වෙනවා දැනෙනවත් එක්කම මගේ ඇස් වල පාට වෙනස් වෙන බව මට දැනුනා.

ඇග ඇතුලේ එකතු උන බලය පිතටට එනවත් එක්කම මගෙ ඇගට දාලා තිබුණු දන්වැල් කැඩිලා විසි උනෙත් කලින් වැම්පයර්ගේ අතේ තිබිලා විසි උන සිල්වර් කිනිස්ස මගේ අතට පා වෙලා ආවෙත් එකම වෙලාවේ.

හිතන්නවත් වෙලාවක් නාස්ති නොකරපු මං මගේම ඉස්සරහා මට මුහුණලා හිටන් ඉන්න වැම්පයර්ගේ හදවතම ඉලක්ක කරලා ඌම හදපු කිනිස්ස විසික් කරේ තප්පර ගානකදී උගෙ හම පසාරු කරන් කිනිස්ස හදවතටම ගිලා බහිනකොට. ඒත් එක්කම උගේ අතේ තිබුණු කඩුව බිම වැටුනා. කිනිස්ස වැදුන තැනත් අල්ලන් මං දිහා බලපු පෙනුමෙන්ම මට හිතුනා ඌ මේ වගේ දෙයක්නම් කොහෙත්ම බලාපොරොත්තු නොවුණු බව.

👹️ : උබ....උ....බ කො..හොම..ද ඕමේ...ගා

🐯 : තමුන් හිතන් ඉන්නෙ ඔමේගා කෙනෙක් උනා කියලා අපි කිසිම දෙයක් කරන්න බැරි නිකමො කියලද අහ්... අන්න එතන තමයි තමුන්ට වැරදුණු තැන. තමුන් අත තිබ්බෙ මගෙ ඇල්ෆට එ වගේම අද තමුන් මැරෙන්නෙත් මගේ අතිනුයි.

මේ වෙනකොටත් ටේගෙ ඇස් දම්පාටින් දිස්නෙ දෙන්න පටන් අරන් තිබුණා. ඒ කටහඩ ගොඩාක් ගැඹුරු කටහඩක් ඔමේගා කෙනෙක්ට කොහෙත්ම නොපිහිටන කටහඩක්. හිටන් ඉන්නවත් පණ නැතිව මේ වෙනකොට වැම්පයර් හිටියේ බිම දණ ගහගෙන. මොකද සිල්වර් කියන්නේ වුල්ෆ්ලට විතරක් නෙවෙයි වැම්පයර්ලටත් අකැප ද්‍රව්‍යක්.

මේ වෙනකොට හැමෝගෙම ඇස් තිබුනේ වියරු හිනාකක් කට කොනකට අරන් වැම්පයර් දිහාට අඩියෙන් අඩිය ලංවෙන එයාලගෙ ලූන ලග.

👹️ : උබ...ට බෑ...හ් උ...බ..ට බැ...

🐯 : ඔව් සාමාන්‍යය ඔමේගා කෙනෙක් උනානම් මට ඒ දේ බැරිවෙයි තමයි. ඒත් මං සාමාන්‍යය ඔමේගා වොල්ෆ් කෙනෙක් නෙවෙයි. චැක් කොච්චර අපරාදේද. මෙච්චර දේවල් හොයාගත්ත උබට ඒක හොයාගන්න බැරි උනානෙ. උබ දන්නවද මං කව්ද කියලා. මං තමයි වසර ගානකට එකපාරක් ජීවය ලබන සද දෙව්දුවගේ පුතා.... True blood super omega Kim Taehyung....

Destiny ( Taekook ) 🐺💜️🌠Where stories live. Discover now