Chapter 23

513 58 1
                                    

🐰 Jungkook
🐯 Taehyung
🐨 Namjoon
🐼 Jin
🐱 Yoongi
🐥 Jimin
🦄 Hoseok
🐺 Si woo
👿 Ara

✿___________________________________✿

         ජිවිතේ හරි පුදුමයි නේද හිතාගන්න බැරි දේවල් හිතාගන්න බැරි මොහොතවල් වල සිද්ද වෙනවා. Jungkook කියන්නෙත් මගෙ ජිවිතේට ආපු අන්න ඒ වගෙ පුදුමයක්. ඉස්සර හිටපු Lycan King Jeon Jungkook හැටියට මම හිතුවෙ අරාගෙ වචන ඇහුනම එයා මාව සදහටම අතාරීවි කියලයි. ඒත් උනෙ මං හීනෙන්වත් හිතපු නැති දෙයක්. එයා කලේ මගෙ අත අතාරිනව වෙනුවට තවත් තදට අල්ල ගත්ත එක.

        උත්සවේ කරදර පුදුම කිරීම් මැද්දෙ උනත් හොදින් අවසන් උනා. අපි පැක් එකට ආවෙ ඔක්කොටම ගොඩක් මහංසි නිසා. අද Jungkook මගෙ අතින් අල්ලන් පරිස්සමට මාව එයාගෙ කාර් එකේම එක්ක ආවා. නපුරු ලයිකනය ලග මෙහෙම අදරණීය චරිතයක් ඉන්නව කියල ඇත්තටම මං හිතුවෙ නෑ.

      පැක් එකට ඇවිත් කාර් එක නවත්තනකොටම Jungkook ට කෝල් එකක් ආවා. ඒත් එක්කම අනිත් අයත් ආපු නිසා මං කාර් එකෙන් බැහැල ගියෙ ලොකූ ලගට. ටික වෙලාවක් ගියත් Jungkook තාම කෝල් එකක බව දැක්ක නිසා මං ගියෙ මගෙ පුංචි ගෙදරට. අද ගොඩාක් මහංසි දවසක්.

Jungkook POV

          කෝල් එකෙ සිහියෙන් හිටිය මට වටපිටාව ගැන ගානක් තිබුනෙ නෑ. ටෙ කාර් එකෙන් බැහැල ජින් හියොන් ලගට යනව දැක්කත් දැන් කව්රුත් පේන්න හිටියෙ නෑ. දොරෙන් ඇතුළට යනකොටම දැක්කෙ පුටුවෙ ඉදන් ඉන්න ජින් හියොන්ව.

🐰 : හියොන් කොහෙද ටේ

🐼 : එයා ගියා

🐰 : ගියා.... කොහෙද

🐼 : කොහෙ යන්නද එයා මෙච්චර දවස් හිටපු තැන එයාගෙ රූම් එකට.

     ජිනී හියොන් කියනවත් එක්කම මං දුවගෙන ගියේ නිහඩ කුටිය පැත්තට. පුංචි කාලෙට පස්සෙ කවදාවත් මං මෙ ගෙදර ඇතුළට ගිහින් නෑ. ඒත් මං අද යන්න තීරනේ කරා. මම දොරෙන් ඇතුලු උනේම ටේට කතා කරගෙන.

🐰 : ටේ.......

හ්ම් කිසිම ප්‍රතිචාරක් නෑ නෙ. තව පාරක් කතා කරන ගමන් මම ගියේ පඩිපෙල ලගට. ඒ යනවත් එක්කම මම දැක්කෙ පඩිපෙල බැහැගෙන පහළට එන තඩිම තඩි කොටියෙක්ව. මූ කොහෙන්ට මෙහෙට ආවෙ. මූ ටේට කරදරයක්වත් කරාද. ඒක හිතට දැනෙනවත් එක්කම මම ගොරවන්න පටන් ගත්තෙ මට ආපු තරහට.

Destiny ( Taekook ) 🐺💜️🌠Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ