Chapter 25

432 53 8
                                    

🐰 Jungkook
🐯 Taehyung
🐨 Namjoon
🐼 Jin
🐱 Yoongi
🐥 Jimin
🦄 Hoseok
🐺 Si woo
👿 Ara

✿___________________________________✿

උතුමාණෙනි

👹️ : කියපන් උබ හොයාගත්තද ක්‍රමය

එහෙමයි

👹️ : හා... හා.... හා... එහෙනම් කාලෙ හරි. පණිවිඩයක් යවපන් අපේ පරණ යාලුවොන්ට.

එහෙමයි.....

^____________________________________^

          මමයි කුකියි හිටියෙ පැක් එකේ මායිමෙන් ගලන් යන ගග ලග බෙන්ච් එකක ඉදගෙන කතා කරන ගමන්. මෙ තැන මං ගොඩාක් ආස කරන තැනක්. මාව තනියෙන් එවන්න අකමැති නිසා මොන වැඩේ තිබුනත් මගෙ බිසී ඇල්ෆා ඒ වැඩ ඔක්කොම දමල ගහල මගෙ පස්සෙන් මෙ තැනට එනවා. ඒක දැන් අපි දෙන්නටම පුරුද්දක් වෙලා.

🐰 : අපි අද හවස යන්න ඔනී චෙකප් එකට. ඇත්තටම එයා කව්රු වෙයිද

🐯 : එයා මොන වගෙ උනත් මම එයාව සතුටින් බාර ගන්නව. ඒත් ඒ ගර්ල් කෙනෙක් උනොත් ඒක ඔයාට ප්‍රශ්න...

මං කියන්න ගියපු දේ කියන්න නොදී එයා මාව නැවැත්තුවා. ඒකත් චූටි පෙක් එකකින්.

🐰 : ශ්.... මැණික මට මගෙ බේබී බොයි කෙනෙක් උනත් ගර්ල් කෙනෙක් උනත් අඩුගානෙ එයා ඇල්ෆා බීටා ඔමේගා ඔය කෝකෙන් කව්රු උනත් මට ඒක ප්‍රශ්නයක් නෑ. එයා කොයි විදිහෙ උනත් එයා අපේ මුලු ලෝකෙම.

ඉස්සර මොන විදිහෙ කෙනෙක් උනත් මට විශ්වාසයි කුකී අනාගතේදී හොද අප්පා කෙනෙක් වේවී.

🐰 : තව ටික දවසයි අපි චෙකප් එක කරන්නත් පරක්කු උනානෙ ඔයා ඇයි ඒකට ඔච්චර අකමැති බේබී.

🐯 : මට ඔනී එදාට සප්ප්‍රයිස් වෙන්න ඒ වගේම ඔයාවත් සප්ප්‍රයිස් කරන්න.

🐰 : ඕකේ ඒත් අපි ඔයාව චෙක් කරල බලන්න ඔනී මට බෑ අවදානමක් ගන්න.

මට දැනුනා එයා නොසන්සුන් වෙනවා.

🐯 : රිලැක්ස් කූ අපිට මොකුත් වෙන්නෙ නෑ.

ඒත් එක්කම එයාගෙ මූනෙ හැගීම් වෙනස් වෙන්න ගත්තා. මයින්ඩ් ලින්ක් එකක්. ඒත් මෙ වෙලාවෙ. අත්‍යවශ්‍ය දේකට ඇරෙන්න කිසිම කෙනෙක් කුකීට මයින්ඩ් ලින්ක් එවන්නෙ නෑ. ඒක එයාගෙ අනක්.

🐰 : මැණික මට හදිස්සි වැඩකට බටහිර පැත්තෙ අපෙ සීමාවට යන්න වෙනවා අපි ඉක්මනට යන්න ඔනී.

🐯 : ඇයි කූ මොකද්ද ප්‍රශ්නෙ

🐰 : අපේ ඒ පැත්තෙ හිටපු ආරක්ෂකයොන්ට කව්රු හරි පහරදීලා. මම ඒ ගැන බලල ඉක්මනට එන්නම්. එතකන් ඔයත් King palace එකේම ඉන්න. මම යුංගිවයි හියොන් වයි එක්ක යනව වූ ඉදිවි ඔයාල එක්ක.

යන ගමන්ම වෙච්ච දේ විස්‍තර කරපු එයා මගෙ නලලට කිස් එකකුත් දීලා යන්න ගියා.

🐯 : පරිස්සමෙන් මගෙ ඇල්ෆා.

^____________________________________^

🐰 : මොකද්ද මෙතන වෙන්නෙ අපිට පණිවිඩයක් ආවනෙ මෙ කදවුරට පහර දීමක් උනාය කියල.

එහෙම කිසිම පහර දීමක් උනේ නෑ My king.

🐰 : හියොන් මොකද්ද මෙ වෙන්නෙ කව්ද ඔයාට පණිවිඩේ දුන්නෙ.

🐨 : ඒ අපේ පැක් එකේම බීටා කෙනෙක් මට මට ඒක හොදටම විශ්වාසයි.

🐰 : ඌ කරපු විකාරෙ මොකද්ද මෙ ශික්

🐱 : Oh god මේක උගුලක්

🐰 : මොකක්

🐱 : My King අපි ඉක්මනට පැක් එකට යන්න ඔනී උන් අපිව නොමග යැව්වා.

🐰 : ඔහ් ශිට් ඇයි මං මෙච්චර මෝඩ උනේ.

🐨 : අපි උපරිම ආරක්ශාවක් දීලනෙ ආවෙ පැක් එකට කාටවත් ලේසියෙන් ඇතුල් වෙන්න බෑ.

🐱 : අපේම උන් අපිව නොමග යවනකොට උබ හිතනවද අපෙ පැක් එක ආරක්ශිතයි කියල.

🐰 : කියවන එක නතර කරනවලා ඉක්මනට යමු.

To be Continue............

Destiny ( Taekook ) 🐺💜️🌠Where stories live. Discover now