Chapter 19

422 57 5
                                    

🐰 Jungkook
🐯 Taehyung
🐨 Namjoon
🐼 Jin
🐱 Yoongi
🐥 Jimin
🦄 Hoseok
🐺 Si woo
👿 Ara

✿___________________________________✿

    අද අපි හැමෝම පැක් එකට එනකොට ටිකක් හවස් උනා. අද හැමෝටම සතුටු හිතෙන දවසක්. ගෙට ගොඩ වෙනකොටම මූන් මගෙ ලගට දුවගෙන ඇවිත් එයාගෙ මූණ මගෙ බඩට ලං කරා. දෙවියනේ...... එහෙනම් එයා කලින්ම දැනගෙන ඉදලා..... එකයි එයා මාව මෙ තරම් ආරක්ෂා කරේ. ස්තූතියි මූන් බේබී මං ගැන මෙ තරම් වද උනාට.

🐯 : බේබී ඔයාගෙ අප්පව මට ඔයාට  දෙන්න බැරි වෙයි. ඒත් මම ඔයාව ගොඩාක් හොදට බලා ගන්නවා.

      ඒ වගේම ඉක්මනට මට ආරක්ෂිතව ඉන්න තැනක් හොයාගන්න ඔනී. මගෙ මෙ රහස හැමදාම මට හංගන් ඉන්න බැ.

🌼..............................................................🌼

        මට දැනුනෙ කවදාවත් දැනුනෙ නැති වේදනාවක්. Jungkook තමුන්ට මෙ මොකද්ද වෙලා තියෙන්නෙ. ඔව් මට ඔනී උනා එයාව මගෙන් ඈත් කරන්න. ඒ නිසයි මම මෙ හැම දෙයක්ම කරේ. මට දැනුනා ඒ විදිහටම එයාට දැනෙන වේදනාව ඒත්...... ඒත්....... අශ්...............

     මම බය උනා බැදීමක් ඇති කරගන්න. කාටවත් බය නැති Lycan King Jeon Jungkook බැදීම් වලට බයයි. ඔව් ඒකයි ඇත්ත. මම බය උනා අනිත් අය වගේම එයත් මාව දාල යයි කියල. ඒ නිසා මම එයාව ඇත් කරා. එයාට රිද්දුවා.

    මම අරා එක්ක ඉන්න ආස නැති උනත් එයා එක්ක හිටියෙ එතකොටවත් ටේ මගෙන් ඈත් වෙයි කියල හිතුන නිසා. ඒත් යටි හිතින් මම ආස උනා එයා ඉරිසියා කරනවට. ඒත් උනේ මම හිතපු නැති දෙයක්. එයා බලන් හිටියා ඒ හැම දෙයක්ම දිහා පුදුම ඉවසීමකින්.
        එදා පාර්ටි එක දවසෙදිත් මම මුලින්ම දැක්කා එයා පර්ටි එරියා එකට එන විදිහ. ඇත්තටම ලස්සනයි කියන්න වචන නැති තරම්. ඒත් මට ආපු ශනික සිතුවිල්ලට මම ලග හිටපු අරාව කිස් කරා. මම දැක්කා ටෙ ඒක දකිනව. ඒ වගේම එයා වේදනාවෙන් බිමට පාත් වෙනවත්. මට නවත්තන්න ඔනී උනත් මට ඒ දේ කරන්න බැරි උනා. එයාව මාර්ක් වෙලා තියෙන නිසා එයාගෙ හැම වේදනාවක්ම දැනුනත් මම ඔහෙ බලන් හිටියා නිකමෙක් වගේ.

             අරා හැමෝම ඉස්සරහා එයාට සින් කරන්න කියල ඉල්ලීමක් කරනකොට මට තෙරුනා එයා ඒ හදන්නෙ ටේව ලැජ්ජා කරන්න කියලා. ටේ එයාගෙ දෙමව්පියොන්ගෙ මරනෙන් පස්සෙ සින් කරන එක නතර කරා කියලා ජිනී හියුන් කීවා මට මතකයි. මට දැනුනෙ පුදුම කේන්තියක්. ඒත් මම කිසිම දෙයක් නොකර බලන් හිටියා. සින් කරන්න ඉස්සරහට ඇවිතුත් එයා බැලුවෙ මගෙ ඇස් දිහා. මම දැක්කා ඒ ඇස් වල තිබුණු අසරණ කම ඒත් මං ඒක නොසලකා හැරියා.
     මට තේරුනා ඒ සිංදුවෙන් කීවෙ එයාගෙ හිතෙ මං ගැන තිබුණු අවංක හැගීම කියලත්. ඒත් මම ඒක නොතෙරුණ ගානට හිටියා. සිංදුව ඉවර වෙලා එයා ඇස් අරිනවත් එක්කම අරා මාව ඇදල අරන් කිස් කරා. සිංදුවෙ සිහියෙන් හිටපු මට ඒදෙ නතර කරන්න උනේ නෑ. මට තේරුනා එයා වේදනාවෙන් කියලා. ඒත්....... මම කිසිම දෙයක් නොකර බලන් හිටියා........

Destiny ( Taekook ) 🐺💜️🌠Where stories live. Discover now