BF FOREVER

165 18 2
                                    

Part 09....

Jk - චූටි සර් මට සමාවෙන්න ඒ වෙලාවෙදි ඔයාට කතා කරපු විදියට. මං ගොඩක් කේන්තියෙන් හිටියේ. අනික මට eunwoo , kai ඉද්දි චූටි සර් කියලා කතා කරන්න බෑනේ. එයාලා හිතන් ඉන්නෙ මං ඔයාගේ boyfriend කියලා. ඉතින් මං එහෙම කතා කරන්නෙ ඇයි කියලා බලයි. ඒ නිසයි මං චූටි සර්ගේ නමින් කතා කලේ.ඒකට සමාවෙන්න චූටි සර්.

(Car එකට නගිමින්)

V - ගෙදර යමු jk.

Jk - චූටි සර් බය වෙන්න එපා. මේ කිසිම දෙයක් මං ලොකු සර්ට කියන්නෙ නෑ පොමිස්.

( v මුකුත් නොකියා sheet එකට ඔලුව තියාගෙන ඇස් පියාගනියි)

Jk - චූටි සර් අපි ගෙදර ආවා.

( v මුකුත් නොකියා ගෙදර ඇතුලට යයි)

Jk - චූටි සර් ඔයා wash දාගෙන එන්න.මං kitchen එකට ගිහින් කෑම හදන්නම් අපි දෙන්නට කන්න.

V - JK එන්න. අපි තුවාලවලට බෙහෙත් දාගෙන ඉමු.

Jk - ආහ් මේවා රිදෙන්නෙ නෑ අනේ. මොන බෙහෙත් ද?? සීරියස් කේස් එකක් නෙවෙයි.මේවා හිංචි පිංචි තුවාල.

V - කිව්වාම අහලා එන්න. තුවාලවල කැක්කුම් හැදෙන්නෙ දැන් නෙවෙයි රෑට. ඒ නිසා දැන්ම බෙහෙත් ටිකක් දා ගමු.

( එහෙම කියපු v jkගේ අතින් අල්ලන් room එකට එක්කන් ගියේ තුවාලවලට බෙහෙත් දාන්න හිතාගෙනයි)

Jk - ආ....... හිමින් අනේ තරහා පිරි මහන්න ද ඔය හැටි තදට තුවාලේ පිහදාන්නෙ??

V - චුට්ටක් ඉන්න දගලන්නැතුව. පණ්ඩිතකමට රණ්ඩුවලට පැටලුණා නම් ඉවසන් ඉන්න වෙනවා. අනික මේවා සීරියස් තුවාල නෙවෙයිලුනේ.

Jk - චූටි සර් මං ඔයාට ඇත්තම කියන්න ද? මට ඔයාව දැනෙන්නෙ මගෙ සූකිරි බඩිල්ලා වගේමයි.

V - ක කවුද සුකිරි බටිත්තා??

Jk - බටිත්තා නෙවෙයි අනේ බඩිල්ලා. මගෙ මල්ලි mingyu.

V - ම්ම්ම්ම් එහෙමද? එයාගේ දැන් වයස කීයද?

Jk - එයාට දැන් අවුරුදු දොලහයි චූටි සර්. මමයි අප්පයි මේ තරමට මහන්සි වෙන්නෙත් එයාව ඉක්මණින් සනීප කර ගන්න තමයි. කෝ එන්න චූටි සර්ගෙත් නිකටේ බාම් ටිකක් ගාන්න. රතුවෙලා ඉදිමිලත් එක්ක.

BF foreverWhere stories live. Discover now