BF FOREVER part 45....

189 25 8
                                    

Part 45....

Jimin - අනේ ගොං අලේ..... තමුසෙගෙ හිතේ තිබුන හැගීමම තමයි මගෙ වස්තුවගෙ හිතෙත් තිබිලා තියෙන්නෙ. අයියා මල්ලි වගෙ රගපෑවට මේ කපටි පූසෝ දෙන්නගෙම හිතේ ලව් එක තිබිලනේ. අපිනම් ඉතින් කලින් ඉදන් ම දැන ගත්තා මේවා කෙලවර වෙන්නෙ කවදා හරි පවුල් වෙලා තමා කියලා..

JK - හ්ම්ම්ම්ම් ජිමින්. මං දන්නවා අපි දෙන්නා අතර ලොකු වෙනසක් තියනවා කියලා. චූටිව පරිස්සමින් බලා ගන්න. මං යන්නම් එහෙනම්.... හ් හෑ??මො මොකක්ද ජිමින් ඔ ඔයා කිව්වෙ??

( සිහියත් අසිහියත් අතර සිටි jk විමතියෙන් ප්‍රශ්න කරන්නට වූයේ jimin පැවසූ දේ හරි හැටි තේරුම් ගැනීමට නොහැකි වූ නිසාවෙනි )

V - ම් මං ආදරෙයි හියුන්ග් ඔයාට....

Jk - අන් නේ ජිමින් මොකක්ද බ් බං මේ වෙන්නෙ?? අනේ මාව පොඩ්ඩක් කොනිත්තපන්කෝ. ආෂ්.... අනේ දෙවියනේ මේක හීනයක් නම් මැරිලා යනකන් මාව මේ හීනෙන් ඇහැරවන්න එපා.

Jimin - මං තමයි මෙතන ඉන්න දෙවියෝ. හීනයක් නෙවෙයි කියලා තේරුම් කරන්න නම් කොනිත්තන්නම වෙනවා පුතේ. ඉතිම් සමාවෙයන් මචෝ මේවා උබ බලෙන්ම දා ගත්ත බාල්දි.

( එසේ පැවසූ jimin jk අසලට ගොස් ඔහුගේ අත තදින් කොනිත්තන්නට විය )

Jk - ආහ් ඌයි ජිමිනි කොටෝ.... රිදෙනවා යක්සයෝ. රබර් නෙවෙයි මේවා ඔරිජිනල් කොරියන් හම්. සෙද්ද..... බලහන් ඒ ඩිංගට අත රතු උනානේ.

Jimin - කෝ කට ඇරපන් බලන්න තොට දිව දෙකක් තියේද බලන්න. ඉස්සෙල්ලා කිව්වා කොනිත්තපන් කියලා. දැන් කියනවා කොනිත්තලා රතුත් උනා කියලා. මුං කියන ඒවා කලත් වැරදියි.... නොකලත් වැරදියි.... V මයේ වස්තුව මට හරි සතුටුයි බං. මෙච්චර කාලෙකට උබ ගත්ත හොදම තීරණේ මේක. ඔව් JK ගොනා කියලා දන්නවා මං. ඒත් ඒ ගොනාට ගැලපෙනම ගොපල්ලා උබ බං.

V - තෑන්ක්ස් ජිමින්. මගේ ජීවිතේ හැම වැදගත් වෙලාවකදිම ඔයා හිටියා මගෙ පැත්තෙන්. මං ආදරෙයි ඔයාටත් ගොඩාරියක්.

Jimin - හෝව් හෝව්..... හවුලේ පවුල් කන්න මං කැමති නෑ.... මට ඉන්නවා ෂුපිරි බෝයිපෙන් කෙනෙක්.

( jimin විහිළුවට මෙන් පවසන්නට විය)

Jk - බෝයිෆ්‍රෙන්ඩ් එච්චර උස එහෙම නැතුව ඇති නේද? පව් ඒ අහිංසකයා උසනම් බිම බලන් ඉදලා බෙල්ල උළුක් වෙයි. මේ පෙන්නෙ නැද්ද අපි විදින දුක.

BF foreverWhere stories live. Discover now