BF FOREVER

168 26 4
                                    

Part 12....

Jk - චූටි සර් හැමවෙලාවකම ඉන්නෙ අප්සට් එකේනෙ. මෙච්චර අප්සට් වෙන්න තරම් මේ මනුස්සයට මොනා ද තියන ප්‍රශ්න???? මේ දවස්වල වැස්සෙත් නෑනේ. එහෙම උනානම් භාගෙට හෙනයක් ගහලා කියලා හරි හිතන්න තිබුණා. අනේ මන්දා බලමුකෝ. මං කොහොම හරි ට්‍රයි කරනවා චූටි සර්ව සතුටින් තියන්න.

( තනිව සිතමින්)

Jk - චූටි සර් කෑම ගෙනාවෝ. උඩට අරන් එන්න ද මං? නැත්නම් චූටි සර් පල්ලෙහාට එනවදෝ?

V - මං එන්නම් jk..

( එහෙම කියපු v පල්ලෙහාට ඇවිත් jk එක්ක කෑම කන්න පටන් ගනියි)

Jk - ඒයීඊඊඊඊඊ මොකද ඔය වතුර බොන්නෙ කෑම කන ගමන්??

V - ටිකක් දැවිල්ලයි. මං කාලා ඉවරයි jk.

Jk - මොනවද කාලා ඉවරයි කියන්නෙ???? කෑම එක එහෙන්මමයි. විකාර නැතුව කන්න චූටි සර්. ලොකු සර්ලා මහන්සියෙන් හම්බ කරන සල්ලිනේ ඕවා.

V - ඇයි ඔයා පොඩි දේටත් ඔහොම කෑ ගහන්නෙ?

Jk - සොරි චූටි සර්. ඒත් ඔයා කරන වැඩේ වැරදි නිසානේ මටත් කේන්ති යන්නෙ. කන්න දැන්. ඔක්කොම බැරිනම් තව චුට්ටක් හරි කන්න. ලොකු සර්ලා නිදි මරලා හම්බ කරන සල්ලිනේ ඕවා. සමහරවිට චූටි සර්ලට සල්ලි තියෙන නිසා අගේ නැතුව ඇති. ඒත්.... නැතිබැරිකම් තියන අපිට ඕවා දකිද්දි හරි කේන්තියි.

( v මුකුත් නොකියා කෑම එක කන්න පටන් ගනියි.අරින් පතර කෑම හිර වෙන්න පටන් ගනියි)

Jk - ඇයි චූටි සර්??

V - ම්හ් මු මුකුත් න් නෑ.

( කටේ කෑම පුරවගනිමින්)

Jk - කන්න බැරිනම් කන එක නතර කරන්න චූටි සර්. අකමැත්තෙන්  අප්පිරියාවෙන් නෙ කෑම ටික කන්න පටන් ගත්තේ. වමනෙට එන්න වගේ නේද? කෝ එන්න යමු bathroom එකට.

V - නෑ jk ප්‍ර ප්‍රශ්නයක් නෑ තව ටි ටිකයි ති තියෙන්නෙ.

Jk - මොකක්ද ඔය හැටි තියෙන මුරණ්ඩුකම? මෙන්න මෙහෙ එන්න. කෑවා ඇති දැන්.

( එහෙම කියපු jk v ගේ අතින් ඇදන් bathroom එකට යයි. Bathroom  එක පේනවත් එක්කම v ඉක්මණට ඒක ඇතුලට දුවලා ගිහින් vomit කරන්න පටන් ගනියි.)

BF foreverWhere stories live. Discover now