BF FOREVER part 35....

163 23 9
                                    

Part 35....

Jk - ම්ම් පරිස්සමින්  එක්කන් යන්න jimin එහෙනම්.

( එලෙස පැවසූ jk  mingyu  අසලට ගොස් ඔහුව තම දෑතට ගත් අතර jimin  v අසලට ගොස් ඔහුගේ ඉන වටා දෑත් යවමින් ශක්තිමත් ලෙස අල්ලා ගන්නට විය.මොහොතකින් සියලු දෙනාම පහත මාලයට ගමන් ගන්නට විය)

V - මගේ eomma..... ඔයාට නින්ද ගියා ද?? ඉක්මනට නැගිටලා  ආවනම් අපිට නිවාඩුවට කොහෙ හරි යන්න පුලුවන්නේ.

( jisooගේ නිසල සිරුර අසලට ගොස් හිස පිරිමදිමින්)

( අවමංගල්‍ය උත්සවයට පැමිණි සියලු දෙනාගේ අවදානය මේ මොහොතේ පියපුතු දෙදෙනාට යොමුව තිබුණි)

Namjoon - අනේ මගේ රත්තරන්....

( හඬා වැටෙමින් v අසලට ගොස් ඔහුව තුරුළු කර ගනියි)

V - appa.... eomma හිමිහිට ඇහැරෙද්දෙන්. ඔයා ඔහොම අඩන්නෙ ඇයි මේ?? Eommaට  ඇහුණොත් නින්ද කැඩෙයි. පව්නේ appa.... ඒ නිසා සද්ද කරන්න එපා.

Namjoon - අනේ soobin මට මේවා ඉවසන්න බෑ දෙයියනේ.

( soobin දෙසත් jin දෙසත් බලමින් )

V - ඇයි appa?? මොකද උනේ?? සම්චොන් ඔයාවත් කියන්නකෝ ඇයි මේ appa අඩන්නෙ කියලා.

( කෙතරම් පිරිස සිටියත් Vට වගේ වගක් නැත. ඔහු හැසිරෙන්නෙ සියල්ල අමතකව ගොස් ඇති ආකාරයටයි. සැබැවින්ම Vගේ මේ හැසිරීම බොහෝ දෙනෙකුගෙ දෑස් තෙත් කරන්නට සමත් විය)

Jimin - jk..... මොකද බං මගේ කොල්ලට මේ වෙලා තියෙන්නෙ??

Jk - හිතා ගන්න බෑ ජිමින්. පව් චූටි. එයාගේ හිත පිලි ගන්නෙම නෑ ලොකු මැඩම් එයාව දාලා ගියා කියන එක.

V - හ් හියුන්ග්....

( namjoonගෙන් ඈත්ව jk අසලට යමින්)

Jk - කියන්න චූටි..

V - Eommaට  ආයේ එන්න කියන්නකෝ..

( හඬා වැටෙමින් vගේ දෑතින් අල්ලයි)

Jimin - mingyuව මං ගන්නම් jk.

( එලෙස පැවසූ jimin  jkගේ දෑතෙහි සිටි mingyuව තම දෑතට ගන්නට විය)

Jk - ෂ්ෂ්ෂ්ෂ් චූටි.....ලොකු මැඩම්ට හොද ආත්මයක් ලැබෙයි.  පුලුවන් තරම් ඉවසන් ඉන්නකෝ. ඔයා දුක් උනාම ලොකු මැඩම්ට ලෝභ හිතෙයි ඔයාව තනිකරලා යන්න.

BF foreverWhere stories live. Discover now