BF FOREVER part 49....

201 25 10
                                    

Part 49....

V - මට හරි මහන්සියි හියුන්ග්..

Jk - හරි මැණික ඔයා නිදා ගන්නකෝ එහෙනම්. ඉස්සරහට එන ප්‍රශ්නවලට එකතු වෙලා මූණ දෙමු. මගෙ චූටියව දාලා මං කොහෙවත් යන්නෙ නෑ. ඒ නිසා බය වෙන්නෙ නැතුව නිදා ගන්න හරිද.

V - love u හියුන්ග්....

( jkගෙ lips මතින් පුංචි හාදුවක් තැවරූ V  ඔහුගේ උණුසුමේ ම නින්දට වැටුණේය. බොහෝ වෙලාවක් යනතුරු  vගෙ හිස පිරිමදිමින්  සිටි jkගේ දෑස් පිය වූයේ  කීයටද යන්න ඔහුවත් නොදැන සිටියේ ය.)

❤❤❤❤❤❤❤❤

Soobin - අපි යමුද හියුන්ග් එහෙනම්??

Namjoon - හ්ම් යමු.

( soobin දෙසවත්  නොබලමින් පවසන්නට විය )

Soobin - මොකෝ තරහ ද මාත් එක්ක?

Namjoon - ගෙදරදි කතා කරන්න බෑ මේවා. යන ගමන් කතා කරමු. පුතා තාම නිදි ද ජීනු??

Jin - ඔව් ලොකු සර්. පව් මේ ටිකේම නින්දක් නෑනේ. අපේ ලමයි දෙන්නත් තවම  ඇහැරුණේ නෑ. ඇගටත් මහන්සි ඇති.

Namjoon - හ්ම් ජීනු.  අපි ගිහින් එන්නම් එහෙනම්. ඔයා පරිස්සමින් ඉන්න.

Jin - හරි ලොකු සර්. උවමනාවක් උනොත් මට call  කරන්න. මං එන්නම්. ඔයාලත් පරිස්සමින් කල්පනාවෙන් යන්න.

( soobin සහ namjoon  උදෑසන අවදිව නිවසින් පිටව යන්නට වූයේ පොලිස් මූලස්ථානය වෙතටයි )

Soobin - කෝ car එකේ key එක දෙන්න මට. මං drive කරන්නම්.

( namjoon කිසිත් නොපවසා මෝටර් රථයෙහි යතුර soobin අත තබමින් ඉදිරිපස අසුනෙහි අසුන් ගන්නට විය )

( මඳ දුරක් යන තුරුම දෙදෙනා අතර කතා බහක් ඇති නොවීය )

Soobin - හියුන්ග්...... මොකද දැන් ඔහොම ඉන්නෙ?? චුට්ටක් මාත් එක්ක කතා කරලා ඉන්නවකෝ.

Namjoon - කතා කරන්න?? කතා කරන්න නෙවෙයි වටින්නෙ බෙල්ල මිරිකන්නයි ඕන. ඇයි soobin මං jisoo නැතිවෙලා ලොකු tension  එකකින් ඉන්නෙ කියලා දැන දැන තවත් ඕන්නැති ප්‍රශ්න ඔලුවට දාන්න දගලන්නෙ??

Soobin - හියුන්ග් සොරි.... යොන්ජුන් ඊයේ ඩ්‍රින්ක්ස් අරන්. දන්නවනේ ඕනවට වැඩිය ඩ්‍රින්ක්ස් ගත්තාම normally ඉන්න මනුස්සයා නෙවෙයි ඉන්නෙ කියන්න.

BF foreverWhere stories live. Discover now