BF FOREVER

155 25 4
                                    

Part 11....

Jk - තෑන්ක්ස් ලොකු සර්.  චූටි සර් ඔයාගේ කෑම එක කොහොමද? මං සැර අඩු කරලා හැදුව නිසා රස අඩුද දන්නෙ නෑ.

V - ප්‍රශ්නයක් නෑ. කන්න පුලුවන්.
( ඕනවට එපාවට උත්තර දෙයි. මේ අතරේ jisoo ත් එතනට එයි)

Jisoo - ඇත්තමයි පුතා කෑමවේලනම් හරිම රසයි. ජීනු ද කෑම උයන්න කියලා දුන්නෙ? පුලුවන්නම් මං ෆ්‍රී වෙලාවක අද හදලා දීපු සුප් එක හදන විදිය මටත් කියලා දෙන්නකෝ පුතා. ඒක හරිම රසයි.

Jk - චූටි කාලේ ඉදන් ගෙදර එක වේලක් හරි මගෙ අතින් හැදෙනව ලොකු මැඩම්. මුලින් මුලින් appa කෑම හදන හැටි බලන් ඉදලා පුරුදු උනා.පස්සේ කෑම එකේ රස බලලා අඩුපාඩු තියෙන තැන් ටික appa කියලා දුන්නා.  හරි ලොකු මැඩම් මට ඕන වෙලාවක පුලුවන්.

Namjoon - ම්ම් එහෙනම් ඉක්මණින් jk ගෙන් කෑම හදන්න ඉගෙන ගන්න බබා ඔයා.එතකොට හැමදාම බඩ පිරෙන්න රසට කන්න පුලුවන්නෙ අපිටත්.

( jisoo ට හොරෙන් namjoon jk දිහා බලලා ඇහැක් ගසයි)

Jisoo - ආ ඒ කියන්නෙ මෙච්චර කල් මගෙ අතින් හදපු කෑම රස නෑ කියන එක ද?  හ්ම් හ්ම් අද ඉදන් කඩෙන් හරි කෑම ඕඩර් කරලා කන්න. මේ ගෙදර coffee  එකක්වත් හදන්නෙ නෑ මං ආයේ.

Namjoon - ඕඕඕඕ කවුද අනේ එහෙම කිව්වේ? මං විහිළුවක් කලේ බබා. ඔයා හදන කෑමත් හරිම රසයි. ප්‍රොමිස් අනේ.

( jisooව hug කරමින් neck kiss එකක් දෙයි)

Jisoo - යන්න අනේ ලමයි ඉස්සරහා නාකි කෝලම් නැතුව.

(ලැජ්ජාවෙන් ඇඹරෙමින්)

Namjoon - හරි වැඩක් නේ. ඒ ලමයි පොඩි අය ද? Hug කරලා kiss එකක් දුන්නයි කියලා මොකද වෙන්නෙ? Jk පුතා ඔයා මොනවා හරි දැක්ක ද?

Jk - න් නෑ නෑ ලො ලොකු සර්.. මං මං මේ බිත්ති ඔරලෝසුව දිහා බලන් හිටියේ. ඒකේ තත්ත්පර කට්ට සෑහෙන්න වේගෙන් යනවා නේද? චූටි සර් ඔයා මුකුත් දැක්ක ද??

V - කෝ? මොකක් ගැනද ඔයාලා කතා කරන්නෙ? මං මේ....මේ... මේ කකුල්වලට වැඩිය අත්වල ඇගිලි දික් උනේ කොහොමද කියලා කල්පනා කර කර හි හිටියේ..

Jisoo - ඔව් ඔව් ඉතින් මං පිලිගන්නම්කෝ හරිද. appaටම ගැලපෙන ඩබලනේ.

Namjoon - බබා බොරුවට කලබල වෙලා. ඒ ලමයි දෙන්නා මුකුත් දැකලා නෑ අනේ. පුතා v ඔයා කීයටද අද college  යන්නෙ? අප්පටයි ඔම්මටයිනම් අද වේලාසන යන්න වෙනවා පැටියෝ. අලුත් project  එකක් භාර ගත්ත නිසා මේ ටිකේ ඒකේ වැඩවලට හිර වෙලා

BF foreverWhere stories live. Discover now