BF FOREVER part 76....

167 22 10
                                    

Part 76....

V - මහන්සිය වගේ ද හියුන්ග් බඩගින්න????

Yoongi - යමු නේද පැටියා එහෙනම් කොහෙ හරි කෑමකට. නැත්නම් මේ මලපෙරේත ජෝඩුවගෙන් විසුමක් වෙන්නෙ නෑ.

( තවත් මොහොතක් සංවාදයේ යෙදුණු පෙම් කුරුළු ජෝඩු ද්විත්වය ආහාර ගැනීම සදහා සුප්‍රසිද්ධ අවන්හලක් වෙත ගමන් කරන්නට විය )

💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️

Namjoon - එන්න මිස්ටර් ජියෝන් අපි යමු ඇතුලට.  මින්හෝ එන්න. ඔයත් යමු.

( මිස්ටර් ජියෝන් සහ ඔහුගේ පුද්ගලික සහකරු ( personal assistant) මින්හෝ සමග නම්ජූන් තම නිවසට ඇතුල් විය )

Namjoon - ඔයාලා ටිකක් වාඩි වෙලා ඉන්නකෝ. මං බොන්න මොනවා හරි අරන් එන්නම්.

( එසේ පැවසූ namjoon  මුළුතැන්ගෙට ගමන් ගන්නට විය. ඒ යන අතරතුර වෙහෙස මහන්සි වී ආහාර පිලියෙල කරන ජින්වත් ඔහු විසින් සාදනු ලබන ආහාරවල රස බලමින් උපරිම සහයෝගය දෙන soobinවත් Namjoonගෙ නෙත ගැටෙන්නට විය )

Namjoon - ඕයි පෙරේතයා. මෙහෙට එනවා ටිකක්.

Soobin - කෝ කාටද ඔයා කතා කරන්නෙ??

( තම මුඛය පිරී යනතෙක් ආහාර ඔබාගෙන සිටි soobin namjoonගෙන් ප්‍රශ්න කරන්නට විය )

Namjoon - කම්මුල් දෙකත් පිම්බෙන තරමට කෑම කටේ දාගෙන ඉන්න තමුසෙටයි මං කතා කලේ. මේ අහනවා. ජියෝනුයි මින්හෝයි ආවා. උන් දෙන්නා සාලේ ඉන්නවා.බොන්න මොනවා හරි අරන් එන්නම් කියලයි මං ආවේ. කෑම හදලා ඉවරද?

Soobin - ආ මෙන්න. මේක ගිහින් දෙන්න ඇති වෙනකන් බී ගන්න කියලා.

( ශීතකරණය විවෘත කොට  වතුර බෝතලයක් නම්ජූන්ගේ දෑත මත තබමින් )

Soobin - තිබහට හොදම බීම එක වතුර. ඒ නිසා ඕක ගිහින් දෙන්න. ඔව් ඔව් අපෙ චෙෆ් මහත්තයා හැමදේම හදලා තියෙන්නෙ. පට්ට රහයි ඕයි. බොරුනම් බලනවකෝ.

( korean fried chicken කෑල්ලක් namjoonගෙ මුවට ඔබමින් )

Namjoon - බූරුවාහ්.

Soobin - හා හා කියවන්නැතුව කාලා බලනවකෝ රස කොහොමද කියලා.

Namjoon - අවුලක් නෑ.

BF foreverTahanan ng mga kuwento. Tumuklas ngayon