BF FOREVER part 48....

186 26 12
                                    

Part 48....

V - එදා තමයි පලවෙනි වතාවට මං අසරණයි කියන එක මට දැනුණේ හියුන්ග්. එයාලා හොදටම ඩ්‍රින්ක්ස් අරන් හිටියේ. ඉවසලා ඉවසලා බැරිම තැන හිතට හයිය අරන් මං එයාලව තල්ලු කරලා දාලා කාමරේට ආවා. හියුන්ග්.... ඔ ඔයා ද් දන්නව ද?? මේ දේ මගෙ appa , eomma විතරක් නෙවෙයි ජිමිනිවත් දන්නෙ නෑ. ඊට පස්සෙ තමයි මං appaට කිව්වේ ජිනු අංකල්ව ගෙදර වැඩට තියලා යන්න කියලා. එතකන් එයා appaගෙ office වැඩ වලට ගමන් බිමන් යන්නනේ හිටියේ. එදා Appa මගෙන් ඇහුවා ඇයි හදිස්සියෙම එහෙම කියන්නෙ කියලා. හියුන්ග්..... ඔයා දන්නවද මං අවුරුදු 13ක් වෙනකන් මගෙ appaට eommaට බොරු කියලා නෑ. එයාලට මුකුත්ම හංගලත් නෑ. ඒත්.... යොන්ජුන් හියුන්ග් ඒ කරපු දේ නිසා ඔක්කොම හිතා ගන්න බැරි තරමට වෙනස් උනා. මං කිව්වා college  එකේ extra classes දානවා එතකොට මහන්සියි නිසා school van එකේ එන්න බෑ කියලා.  එහෙම කිව්ව දවසට  පස්සෙ  ඉදන් appa ජීනු අංකල්ට මගෙ ගමන් බිමන් ගැන බලා ගන්න කිව්වා. ම් මං appaට කිව්ව බොරුව නිසා සතියට ද් දවස් ත් තුනක් තනියම school එකේ හවස පහ වෙනකන් ඉන්න පුරුදු උනා. මොකද එහෙම නොකලනම් appa සැක හිතනවා school extra classes තියෙනවා කියලා මං බොරු කලා කියලා. School එකේ පැය තුනක් හතරක් තනි වෙද්දි school play boysලා මට කරදර කරන්න ගත්තා ask out කරලා. ජිමිනිවත් දන්නෙ නෑ හියුන්ග් ම් මං හවස් වෙනකන් school එකේ තනියම ඉන්නවා කියලා. එයා school ඉවර උන ගමන් ගෙදර යනවා. මාත්  school van එකේ ගෙදර යනවා කියලා එයා හිතන් හිටියේ. මං ඒ හැමදේම ජිමිනිගෙන් හැංගුවේ යොන්ජුන් හියුන්ග් කරපු දේ එයාට කියන්න තරම්වත් මට හයියක් නොතිබුණ නිසයි හියුන්ග්. ඊට පස්සෙ මං depressions වලට treat කලා. ඒකටනම් ගියේ ජිමිනි එක්ක. ම් මොකද මට උණක් හැදුණත්  appa family doctorව ගෙදරට ගෙන්නලා බෙහෙත් කලේ. ඒ ඇරෙන්න කිසිම දවසක private hospital  වලට ගිහින් බෙහෙත් අරන් තිබුණෙ නැති නිසා මට එතනදි ජිමිනිගෙ උදව් ඕන උනා. ජිමිනි මගෙ ඇත්ත කතාව දන්නෙ නෑ හියුන්ගි. පලවෙනි දවසේ depressions කියලා දැන ගත්තාම ජිමිනි සෑහෙන්න දුක් උනා. මාව බදාගෙන ඇඩුවා. ම් මොකද එයා දන්න V ගොඩක් දුර්වල ලමයෙක් නිසා එයා බය උනා මං ජීවිතේ නැති කර ගනියි කියලා.  Depression එන්න තරම් තියෙන ප්‍රශ්න මොනවද කියලා බල කරලා අහද්දි මං එයාට බොරු කිව්වා යොන්ජුනී හියුන්ග් මගෙන් කැමැත්ත ඇහුවා. දවසක් මට කරදර කරන්නත් හැදුවා කියලා. එයා දන්නෙ එච්චරයි හියුන්ග්. ඔයාට එදා ජිමිනි කියන්න හැදුවේ ඔය විස්තරේ තමයි. යොන්ජුනි හියුන්ග් එයාගේ යාලුවෝ එක්ක මට කරදර කලා කියන්න ජිමිනි දන්නෙ නෑ. 

BF foreverTempat cerita menjadi hidup. Temukan sekarang