BF FOREVER PART 32....

160 27 8
                                    

Part 32....

Jimin - එයා කිචන්  එකේ jk. ජීනු අංකල්ට call එකක් අරන් අහනව ද කොහෙද ඉන්නෙ කියලා. නම්ජූන් අංකල්ගේ ෆෝන් ඕෆ් ලු.

Jk - අහ් ඉන්න ජිමින් මං අරන් බලන්නම්.

( එසේ පැවසූ jk තම කලිසම් සාක්කුවේ තිබූ ජංගම දුරකතනය අතට ගන්නට විය)

Someone - හියුන්ගී......

Jk - ආවද මගේ මැණික? මහන්සිද පැටියෝ ඔයාට? හියුන්ගි කෝල් ගන්න හැදුවා විතරයි.

Mingyu - ඕ හියුන්ග්.. නෑ මහන්සි නෑ. චූටි හියුන්ගි තව අඩනෝද?

Jin - පුතා jk....මල්ලිව කාමරෙන් තියලා ගියොත් පොඩ්ඩක් බලා ගන්න පුලුවන්ද? ෆියුනරල් එකේ වැඩ කටයුතු බලන්නත් ඕන මං. ලොකු සර්ව බලන්නත් ඕන.එයත් මේ වෙලාවේ හිත කලබලෙන් ඉන්නෙ.

Jimin - කෝ මල්ලිව දෙන්න අංකල් මට. මං එයාව බලා ගන්නම්..

Mingyu - හියුන්ග්....
( Jiminට තරමක් බිය වී jk දෙස බලයි)

Jk- චූටි.... මං යන්නද mingyu  ලගට??

( Vගේ හිස පිරිමදිමින්)

( V කිසිත් නොපවසා JKගේ තුරුලෙන් ඈත්ව යහනෙහි වැතිර දෑස් වසා ගනියි)

Jk - ම්ම්ම්ම් කෝ එන්න.බය වෙන්න එපා පැටියෝ ඒ හියුන්ග් හරි හොදයි. චූටි හියුන්ගේ හොදම යාලුවා. අර ඊයේ චූටි හියුන්ග්ට කෝල් කලේ මේ හියුන්ග් තමා. ජිමින්.... ඔයා යන්න චූටි ලගට. මං මෙයාට මොනවා හරි කන්න දීලා බෙහෙත් පොවාගෙන එන්නම්. බෙහෙත් බිව්වට පස්සෙ මෙයාට නින්ද යනවා. චූටි..... බය වෙන්න එපා මං ඉක්මනට එනවා හොදද.

( Vගේ හිස පිරිමැද  මොහොතකින්  jk , jin සහ  mingyu  කාමරයෙන් පිටතට යයි)

V - ජි.... ජිමින්....

( කෙදිරිගාමින්)

Jimin - කියන්න මගේ වස්තුව....

V - ම් මගේ.... මගෙ පපුව හිර වෙනවා ව් වගේ....

Jimin - අනේ ඇයි වස්තුව?? කෝ නැගිටලා ඇදට හේත්තු වෙන්න. වතුර ටිකක් බොමුද අපි?

V - ම්හ් ජිමින්..

Jimin - නැගිටින්න v හොද ලමයා වගේ. කෝ ඉන්න මං පපුව අත ගාන්න.

( එලෙස පැවසූ ජිමින් vගේ පපුව පිරිමදින්නට විය)

V - jimin.... මගෙ eomma????

Jimin - අනේ වස්තුව.. ආන්ටි හොද තැනක ඉපදෙයි. ඔයා ඔහොම දුක් උනාම ආන්ටිට හොද ආත්මෙකට යන්නවත් හිත දෙන්නෙ නෑනේ. පපුව ගොඩක් රිදෙනව නම් අපි බෙහෙත් ගන්න යමුද මුරණ්ඩු නොවී??

V - appa කෝ ? එයා හොදින් ද? කාලත් නැතුව ඇති jimin. දැන් ගිහින්  මොනවා හරි කන්න දෙනවද එයාට?

Jimin - අහපු දේට උත්තර දෙන්න. ඔයාට අමාරුද?

V - appaව බලන්න ජිමින්.

Jimin - ඔයාට අමාරු නිසාද මං අහන ප්‍රශ්නේ මග අරින්නෙ? ඇත්ත කියපන් වස්තුව මාවත් බය නොකර.

V - ටික වෙලාවකින් අඩු වෙයි. මං ඇස් දෙක වහගෙන ඉන්නම් jimin. පුලුවන්නම් හියුන්ග් එනකන් මගෙ ලගට වෙලා ඉන්නවද?

Jimin - ඉන්නම්.  බය වෙන්න එපා මෙහෙදි කාගෙන්වත් කරදරයක් වෙන්නෙ නෑ වස්තුව උබට.

( එලෙස පැවසූ Jimin නොනවත්වාම vගේ පපුව පිරිමදින්නට විය)

( AFTER 15 MINUTES )

Jk - ඇයි jimin ඔය ??

( Vගේ පපුව පිරිමදින දෙස බලමින් )

Jimin -   ඔයා ආවද jk?? Vගේ පපුව හිර වෙනවා වගේ ලු.

Jk - අනේ ජිමින් ඔයාට පුලුවන්ද  mingyuව චුට්ටක් බලා ගන්න? මුකුත් ඕන නෑ එයා ලගින් විනාඩි දහයක් ඉන්න. බෙහෙත් බිව්ව නිසා තව ටිකකින් නින්ද යනවා එයාට.

( බොහෝ සේ කලබල වී )

Jk - මගේ රත්තරන් දැන් දොයිය ගන්න හොදද. මං ආදරෙයිනේ මගේ සූකිරි බටිත්තට. ජිමින් හියුන්ග් එක්ක මේ ඇදේම පැත්තකින් දොයිය ගන්නව ද? තරහා වෙන්න එපා හොදද චූටි හියුන්ග් ලග මේ වෙලාවේ හියුන්ග් ඉන්න ඕනනේ.

Mingyu - ආ ලා ඌ ටූ හියුන්ගි. නෑ නෑ සූකිරි බටිත්තා  තලා වෙන්නෙ නෑ පොමිස්. මං ජිමිනි හියුන්ග්ට කරදර නොකර එයා එක්කම ඉන්නම්.

Jimin - කෝ එන්න පැටියෝ හියුන්ග් ලගට. ඔයාට දොයි මත නිසා අපි චුට්ටක් දොයිය ගමු හොදද? අපි අනිත් room එකට යන්නම් jk. මේ ඇදේ ඉන්න අමාරුනෙ mingyuටත්.

( JK ගේ දෑතෙහි සිටි පුංචි mingyu ව තම දෑතට ගනිමින්)

Jk - මගෙ මැණික ජිමින් හියුන්ග්ට කරදර කරන්න එපා හොදද එහෙනම්. හියුන්ග්ව ඕන උනාම කතා කරන්නකෝ. බය වෙන්න එපා බබාගේ ලගම ජිමින් හියුන්ග් ඉදියි.

( mingyuගේ නලලට හාදුවක් තවරමින්)

Jimin - අපි ගිහින් එන්නම් jk. Vට අමාරුයි වගේනම් doctorව ගෙන්නමු. ඔයා ටිකක් බලන්නකෝ එයා ගැන.

( එලෙස පැවසූ jimin  mingyu සමග කාමරයෙන් පිටතට යයි)

😒 කතාව සුට්ටයි වගේ නේද? කමක් නෑ සුට්ටක් හරි තියේනේ. ඔයාලා කියවලා ෂටුටු වෙම්න.... 🙈❤

BF foreverWhere stories live. Discover now