BF FOREVER part 85....

182 23 6
                                    

Part 85....

BANG SI  HYUK -  ඔය දෙන්නා Perfect  එකට performance  එක කලා. විශේෂයෙන් මේ වගේ ශරීර ගැටළු තියාගෙන ඒ වේදනාවන් නොපෙන්වා performance  එකට විතරක් අවදානේ දෙන එක සෑහෙන්න අමාරු වැඩක්. මම හිතනවා ඔය දෙන්නා ලග idol කෙනෙක්ට තියෙන්න ඕන සුදුකම් සෑහෙන්න දුරකට තියනවා කියලා. ඔයාලට පුලුවන් මාත් එක්ක එකතු වෙලා ඉදිරියට ලොකු ගමනක් යන්න. So.... මම කැමතියි ඔයාලට මගෙ group  එකට invite කරන්න. මෙන්න මගේ card  එක. ගෙදර ගිහින් නිදහසේ කල්පනා කරලා තීරණයක් අරගෙන මට කතා කරන්න. Next month අපි audition පටන් ගන්නවා. කිසිම තරහක් නෑ. ඔය දරුවෝ දෙන්නට කැමති මාර්ගෙක ගමන් කරන්න පුළුවන්. හැබැයි.... ඔයාලගෙ දක්ෂතාවය දැක්ක ගුරුවරයෙක් විදියට මං එක උපදෙසක් දෙන්නම්. මොන ම හේතුවක් නිසාවත් ඔයාලගෙ මේ dancing & singing skills  නැති කර ගන්න එපා. ඔයාලා ඒ ගමන දිගටම යන්න ඕන. All the best....

( jkට සහ vට අතට අත දෙමින් )

Jk , V - Thank you so much sir....

( තවත් මොහොතක් සංවාදයේ යෙදුණු නර්තන කණ්ඩායම් සියල්ලන්ට සමුදුන්  jk , v නම්ජූන් සහ ජින් සමග නිවස කරා පැමිණෙන්නට විය )

Namjoon - දැන් පුතාලගෙ තීරණේ මොකක්ද?? Audition  වලට යනව ද ??

V - මම නම්  ආසම ආසයි appa......

Namjoon - එතකොට jk පුතා??

Jk - මාත් ආසයි ලොකුසර්. මං තාම ශොක් වෙලා ඉන්නෙ. කොරියන්වල ෆේමස් ම company  දෙකෙන් invite ලැබුණේ. හිතා ගන්න බෑ මොන company audition  එකට යන්න ද කියලා. චූටි කැමති මොන company  එකට ද??

V - මං නම් big hit music  එකට කැමති හියුන්ග්. BTS team එකත් එයාලගෙනෙ.

Jk - ඔව් මාත් මේ කල්පනා කලේ ඒක ගැන තමා.හැබැයි JYP ENTERTAINMENT  එකත් හොදයි. ඒත් මගෙත් වැඩිම වැඩි කැමැත්තක් තියෙන්නෙ BIG HIT MUSIC  වලට. මං මේ දකින්නෙ හීනයක් ද කියලත් හිතෙනවා චූටි. කොච්චර ලමයි ඉන්නවද තමන්ගෙ දක්ෂතාවේ පිටතට පෙන්නලා තැනක් ගන්න බැරි?? ඒ අතින් අපි අද හරි වාසනාවන්ත උනා. BIG HIT MUSIC වගේ එකකින් invite  එකක් එනවා කියන්නෙ ව්වාහ්....... ඒක මාරයි.

Namjoon - මගෙ දරුවෝ දෙන්නට ඕන නම් මං bang PD එක්ක කතා කරන්නම්. ඔයාලගෙ දක්ෂතාවේ පෙන්නලා තැනක් ගත්තු එක ඇත්තටම වටිනවා. ඒත් මගෙ දරුවෝ දෙන්නා Dancing singing  වලට මේ හැටි දක්ෂයි , ආසයි කියලා දන්නව නම් මීට සෑහෙන්න කාලෙකට කලින් bang PDට අදුන්වලා දීලා. මොකද එයා මගේ Close friend  කෙනෙක්.

BF foreverWhere stories live. Discover now