BF FOREVER 18....

183 22 11
                                    

Part 18....

Jin - එහෙනම් පුතා ඔයා චූටි පුතා එක්ක පරිස්සමින් ගිහින් එන්න හොදද. කෝ mingyu බබා එන්න. අපි යමු wash දාන්න..... wash දාලා..... අපි යමු බෙහෙත් ගන්න.

Mingyu - අදත් බෙයි විදිනව ද appa??

Jk -  ම්ම්ම්ම් ඒක දන්නෙ ඩොට්ට අංකල් තමා පැටියෝ.  මොකෝ මගේ චණ්ඩියා බයද බෙයි විදිනවට ම්ම්ම්ම්??

Mingyu - බය නෑ. ඒත් ඒවා මට ගොඩක් සිදෙනවා හියුන්ගි.

( mingyu කියපු දේට මේ වෙලාවෙදී සංවේදී උන jin තනියම කල්පනා කලේ mingyu ගේ පුංචි අත් කකුල්වලට කොච්චරනම් රිදෙනවා ඇති ද කියලයි)

Mingyu - හියුන්ගි..... මගේ appa අඩනවා.... අඩන්න අපා appa සූකිරි බඩිල්ලා බොලුනේ කීවේ බෙයි විදිද්දි සිදෙනෝ කියලා.න් නෑ නෑ.... සිදෙන්නෙ නෑ මට. හියුන්ග්.... appaට කීන්නකෝ සූකිරි බඩිල්ලා බොලු කීවේ කියලා.

( mingyuත් ඇස්වලට කදුළු පුරව ගනියි)

Jk - appa.....මං ඔයාට කියලා තියනවා පොඩි එක්කෙනා ඉද්දි ඔහොම හැසිරෙන්න එපා කියලා. අනික ඇයි ඔයා හැමවෙලාවකම ඔහොම sensitive වෙන්නෙ? කරන දේ මටවත් ඔලුව කෙලින් තියන් කරන්න හිතෙන්නෙ නෑනේ ඔයත් ඔහොම වැටෙද්දි.

( ඇස්වලටත් උනපු කදුළු පිහදාන ගමන් jk එතැනින් එලියට ගියා)

V - අංකල් ඔයා අඩන්න එපා.. අපි ඉක්මනට මල්ලිව හොද කර ගමු.

Jin - මගේ පුතාට පුලුවන්නම් ගිහින්  jk ගේ හිත හදන්න. කොච්චර උත්සාහ කලත් මට බෑ පුතේ මේ දුක ඉවසන්න. Jk පොඩ්ඩක්වත් ආස නෑ මගෙයි mingyuගෙයි ඇස්වල කදුළු දකින්න. පුදුම සංවේදි දරුවෙක් එයා. ගහක් ගලක් වගේ හැමදේම ඉවසන් හිටියට ඉක්මනින් හිත උණු වෙනවා.

V - හරි අංකල්. කෝ මගේ mingyu පැටියත් අඬන එක නවත්තන්න. මං ඉක්මනින් හියුන්ගිව බලලා එන්නම්. ඒ එද්දිත් අඩන එක නතර කලේ නැත්නම් චූටි හියුන්ගි තරහා  වෙනවා ප්‍රොමිස්.

( mingyuගේ නළලට kiss එකක් දීපු v ඉක්මනින් ගියේ jk හිටිය තැනටයි)

V - හ් හියුන්ග්....

Jk - මෙතනින් යන්න.

V - ම්ම්හ් බෑ.

Jk - යන්න කිව්වාම යන්න. නැත්නම් ඔයත් මගෙන් හොද බැණුම් ටිකක් අහ ගන්නවා. ගොඩක් හොදින් කියන්නෙ. යන්න දැන් මෙතනින්.

BF foreverWhere stories live. Discover now