🔴 special part 🔴

188 15 16
                                    

🔴කතාවට සම්බන්ධ දෙයක් නෙවෙයි ලමයිනේ...🔴

🥺🥺 මොන විදියට මොන දේ සිද්ධ උනත් ඒ හැමදේටම හැඩගැහෙන මගේ ආදරණීය හිතට  මං ලියපු අකුරු කන්දරාවක්.... කියවන්න අකමැති කෙනෙක් නම් මෙතනින් ම නවතින්න.🥺❤

Dear hearty....

මං හිතුවා මේ අවුරුද්දෙවත් මට ඒ හැටි වරදින එකක් නෑ කියලා🥺 ඒත්.....අනිත් අවුරුදුවල වගේම මේ අවුරුද්දෙත් මට වැරදුණා.. හිත් රිද්දන මිනිස්සු මුණ ගැහෙන්න එපා කියලා කොච්චර ප්‍රාර්තනා කලත්.... මේ අවුරුද්දෙ හිත් රිද්දන අයවම හම්බුණා.... ඉතින් ජීවිතේ හැටි එහෙමයි....

"පුංචි දේටත් මහ ගොඩක් සංවේදි වෙන හිතක් ලැබීම එක අතකින් මහ කාලකණ්ණිකමක්...."

එහෙම කිව්වට කවදාවත් මං ඒ හිතට වෛර කරන්න ගියේ නෑ. කොච්චර රිදුණත් එයා ඒවා ටික ටික අමතක කරලා ආයේ සතුට හොයන්න මහන්සි උන තරමක් මං දන්නවා.

🥺❤ දෙයක් කියන්න ද පැටව්නේ?? ඔයා දැනට විශ්වාස කරන ඔයාගේ හෙවණැල්ල වගේ ඔයා ලගම රැදෙනවයි කියලා හිතෙන චරිතයක් ඔයාගේ ජීවීතේ ඉන්නව ද??  🥺❤ එක දවසකට data off කරලා phone එක පැත්තකට විසි කරලා දාලා බලන්න..... ඔයාට දැනේවී එයත් ඔයා ලග නෑ කියලා....
" ඔයා හොදින් ද? , ඇයි on line නැත්තේ? , ප්‍රශ්නෙක ද? අසනීපයක් ද? "   මේ වගේ වචනවලින් හරි call එකක් දීලා උන්නද මලාද කියලවත්  අහන්නෙ නැත්නම් ඒ බැදීම නවත්තන්න දෙපාරක් හිතන්න එපා. Social media වලට විතරක් සීමා උන බැදීම් එක්ක රැදෙන්න එපා පැටව්නේ. ඔයා මොන දේකින් හරි ජයග්‍රහණය කරලා ජීවිතේ ඉස්සරහට ගියොත්.... අවංකවම ඒ ගැන සතුටු වෙන්නෙ ඔයාගේ අම්මා , තාත්තා සහ ඔයා ලග 24 පැයේම , 365 දවසෙම ලග රැදෙන අහිංසක හිත විතරයි....

ඔයාට මොන ම හරි දේකින් දුකක් දැනිලා  ජීවිතේ එපාම වෙලා ඉද්දිත් " ඕවා ඔහොම තමයි බං. දුක් වෙලා වැඩක් නෑ. ආයේ ඒ ගැන නොහිතා ඉස්සරහට යමන්. මං උබ එක්ක ඉන්නවා " කියලා ආයේ ජීවිතේට ආසාවක් දෙන්නෙ ඔයාගේ ඒ පුංචි හිත විතරයි නේද??   "හිත" කියලා දෙයක් අපි ලග නොතිබුණා නම් මහ පොලොවේ අඩියෙන් අඩිය කඩ සාප්පු , නිවාස සංකීර්ණ වෙනුවට " මිනී කනත්තවල් " විතරක් තියෙන්න ඉඩ තිබුනා නේද?

ඔයා තාම විශ්වාස කරන්නෙ නැද්ද ඔයා ලග ඉන්නෙ ඒ " හිත " විතරයි කියන එක???? එහෙනම් ඔයා ආපු ගමන ආපස්සට ගිහින් බලන්න. 🥺❤ අම්මගෙ තාත්තගේ හිත් රිදෙයි කියලා එයාලටත් නොකියා ඔයා ඒ දුක හිරකරන් තියා ගත්තෙ " හිත " ඇතුලේ නේද මගේ ලමයෝ???? මට ඔයාලගේ හිත් රිද්දන්න ඕන නෑ පැටව්නේ. ඒත්.....🥺 විශ්වාස කරන්න ඔයාට ඔයා විතරයි..

🥺❤ සමාවෙන්න පැටව්නේ මගේ ජීවිතේ කොච්චර අත්දැකීම් තිබුණත් ඒවා ඔයාලා එක්ක share කර ගන්න තරම් ඉඩකඩක් නෑ මේ paltform එකේ.  ඒත්..... කෙටියෙන් කියන්නම්....
කාවවත් විශ්වාස නොකර ඔයාගේ ගමන ඔයා තනියම යන්න. අරයා නෑ මෙයා නෑ මට තනියි කියලා එක තැන පල් වෙන්න එපා 🥺❤ ඔයාගේ සතුට තියෙන තැනට ඔයා යන්න. කවුරු එපා කිව්වත් ඔයාගේ ගමන ඔයා යන්නම ඕන. තමන් තමන්වම සතුටු කර ගන්න උත්සාහ  කරන්න. තව කෙනෙක් ඇවිත් මූණට හිනාවක් දීලා යනකන් මුළු ගැහිලා ඉන්න එපා....

😊❤ ඉතින්.... ආදරණීය හදවතට දස දහස් වාරයක් ස්තූතියි.... මෙච්චර කාලේකට මගේ ලගින් හිටිය නිසාත් මින් මතුවට අන්තිම හුස්ම වැටෙනකන් මාත් එක්ක සියල්ල දරාගෙන හිදින නිසාත් නැවත වාරයක් ස්තූතියි  😊❤

පුලුවන් හැම වෙලාවකම බිදුණු හිතක් හදන්න උත්සාහ කරන්න. 😊❤ අද නැතත් හෙට නැතත් මැරෙන්න මොහොතකට කලින් හරි ප්‍රතිඵල ලැබේවි.....

Okay.... its time to say byee..

🥺❤ call me "cutie"
Im 22 years....

BF foreverWhere stories live. Discover now