BF FOREVER part 99....

155 15 7
                                    

Part 99....

Namjoon - ටේහ්‍යුන්ග් එන්න මං ලගට.

( නම්ජූන් දැඩි හඩින් පැවසූ විට v jkගේ අතින් අල්ලාගෙන ඔහු අසලට පැමිණෙන්නට විය )

Namjoon - ගැලවෙන්නෙ නැද්ද ඇයි ඔය අත් දෙක?? මං කතා කලේ ටේහ්‍යුන්ග්ට විතරයි..

V - න් නෑ Appa.... අන්තිම හුස්ම යනකන් මේ අත් දෙක මේ විදියටම තියෙයි.

(V ද නොබියව සෘජු හඩින් පවසන්නට වූයේ jkගෙ අත තව තවත් තදින් අලා ගනිමිනි )

Namjoon - එහෙනම් එච්චරයි මගෙ රත්තරනෙ.... congratulations  මගෙ පැටව් දෙන්නට.... සත්තකින්ම මගෙ හිතේ කිසිම අකමැත්තක් නෑ පුතේ මේ සම්බන්දෙට. ඔය දෙන්නා අතරේ මොනවගෙ බැදීමක් ද තියෙන්නෙ කියලයි මට දැන ගන්න උවමනා උනේ. ඒක පුදුම ශක්තිමත් බැදීමක් පුතේ. අද මේ පුංචි වෙලාව ඇතුලත මං මගෙ ඇස් දෙකෙන් දැක්කා ඒ දේ. මගෙන් සුබ පැතුම් පුතේ. චූටි පුතා කිව්වා වගේම මෙ අත් දෙක අන්තිම හුස්ම යනකන් මේ විදියටම තියෙන්න ඕන JK.

( jkව සහ Vව තම පපුවට ළං කර ගනිමින් නම්ජූන් පවසන්නට විය )

Jin - ජූන් ??

Soobin - හියුන්ග්??

( සිදු වූයේ කුමක්ද යන්න  විශ්වාස කල නොහැකිව සිටි ජින් සහ සූබින්  එකවර ප්‍රශ්න කරන්නට විය )

Namjoon - හිතුව ද ලමයි දෙන්නගෙ සතුටට මං විරුද්ධ වෙයි කියලා?? ලෝකේ ඉන්න හොදම බෑණාව මග ඇර ගන්න තරම් මං මෝඩයෙක් කියල ද ඔයාලා හිතුවේ??.

V - Appa.... මගෙ Appa.... තෑන්ක්ස් හැමදේටම. ලව් යූ appa.... ලව් යූ සෝ මච්....

( අතොරක් නැතුව නම්ජූන්ව සිප ගනිමින් )

Namjoon - ලව් යූ ටූ මගෙ මැණික.

Jin - තෑන්ක්ස් ජූන්.... ලමයින්ගෙ සතුටට ඉඩ දුන්නට ඔයාට පිං.

Namjoon - එනවා මගෙ ලගට. ඔයා වගෙ රත්තරන් මනුස්සයෙක් නිසා තමයි jk වගේ ‍අංගසම්පූර්ණ බෑණෙක් ලැබුණෙ මට.

( Jin ව ද තම උණුහුමට ළං කර ගනිමින් නම්ජූන් පවසන්නට වූයේ සියල්ලන්ගේම දෑස් තුලට කදුළු එකතු කරමිනි )

Jimin - Congratulations  වස්තුව. හැමදාම සතුටින් ඉන්න රත්තරනේ.

Soobin - මගෙනුත් සුබ පැතුම් කොල්ලො. අමුතුවෙන් කියන්න දෙයක් නෑ. මං දන්නවා ඔයා අපේ චූටි පුතාව ඕනවටත් වඩා පරිස්සමින් බලා ගන්නවා කියන්න.

BF foreverWhere stories live. Discover now