BF FOREVER part 66....

172 26 24
                                    

Part 66....

Jin - මං අහන් ඉන්නෙ ලොකු සර්.

Namjoon - ඔයා දැකපු විදියට මගෙයි ජිසොයි අතරෙ තිබුණෙ මොන වගෙ බැදීමක් ද????

Jin -  ඒක???? ඒක ම් මට කියන්න තේරෙන්නෙ නෑ ලොකු සර්. මගෙ ජීවිතේ දැකපු ලස්සනම ආදරේ තිබුණෙ ඔය දෙන්නා අතරේ කිව්වොත් හරි.

Namjoon - එහෙම දකින්න බලපාපු හේතු මොනාද  ජීනු??

Jin - ම්ම්ම්ම් පලවෙනියට හිත ගියේ නම් දෙන්නට දෙන්නා ගරු කරපු විදියට. ඊට පස්සෙ care කරපු විදියට..... ම්ම්ම්ම්ම් අර ඉදලා හිටලා දෙන්නා අතරෙ වෙන පුංචි රණ්ඩු දැකලත් හිතුණා ඔය දෙන්නගෙ බැදීම පුදුම ශක්තිමත්නෙ කියලා.

Namjoon - ඒක තනිකර මවා පෑමක් විතරයි කිව්වොත් ඔයා විශ්වාස කරයිද?? මං මේ නිකමට අහන්නෙ.

Jin - ආෂ්.... පව් පිරෙන ප්‍රශ්න අහන්න එපා ලොකු සර්.  ලොකු මැඩම් කොහෙ හරි ඉදන් බලාගෙන ඇත්තෙ අපි දෙන්නා දිහා.

Namjoon - ඔව් ජීනු අනිවාරෙන් බලන් ඇති. මොකද මෙච්චර ඉක්මනට ආත්මයක් ලබන්න තරම් එයා පිං කරලා නෑ කියන්න මං හොදටම දන්නවා.

Jin - ලොකු සර්????? ම් මොනවද දෙයියනේ මේ කියන්නෙ??


Namjoon - මෙතනින් තමයි ජීනු මගෙ කතාව පටන් ගන්නෙ. සමහරවිට ඔයා විශ්වාස නොකර ඉන්න ඉඩ තියනවා.

Jin - ඔ ඔයා ක් කියන්න ල් ලොකු ස් ස් සර්..

( විමතියට පත්ව )

Namjoon -  මමයි  ජිසොයි marry කලේ proposal   එකකින් ජීනු. එයාගේ appaයි මගෙ appaයි  හොදම යාළුවෝ.. ඉතින් එයාලගෙ මාර්ගෙන් තමයි අපි දෙන්නා මුණ ගැහුණේ. බොරු කියන්න උවමනාවක් නෑ ජීනු. ජිසෝව දැක්ක ගමන් මගෙ හිතේ කැමැත්තක් ඇති උනා. ඉතින් අපි මාස තුනක් ආශ්‍ර්‍ය කලා. ඔය අතරෙදි ගෙවල්වල වැඩිහිටියෝ බල කරන්න ගත්තා marry කරන්න කියලා. ඒත්.... මං ඒකට අකමැති උනා. එතනදි නම් සෑහෙන්න කේන්තිත් ගත්තා. මොකද මාස තුනක් කියන්නෙ ගොඩක් පොඩි කාලයක්. ඇත්තටම ඒ කාලෙත් අපිට ලොකු සම්බන්දයක් තිබුණේ නෑ. මං දකින විදියට ආදරේක දී වැදගත්ම දේ වෙන්නෙ දෙන්නට දෙන්නා තේරුම් ගැනීම. ඉතින් මට තිබුණ කාලේ මදි උනා ජිසෝ කියන්නෙ කවුද කියලා තේරුම් ගන්න. ඒත් appaලගෙ බල කිරීම නිසා අපි marry කලා.  marriage එකෙන් පස්සෙ සෑහෙන්න කාලයක් හොදින් හිටියා. ඔය අතරෙදි මගෙ eommaට උවමනා උනා මුණුපුරෙක්ගේ මූණ බලන්න. ඇත්තටම මමයි ජිසොයි marry කලේ ගොඩක් තරුණ වයසෙන්. ඉතින්..... ජිසෝ අකමැති උනා ඒ වයසින් දරුවෙක් හදන්න. අපි දෙන්නම බිස්නස් වැඩවලට හිර උනා. ලොකු සම්බන්දකමක් තියා ගන්න බැරි උනා. සමහර දවසට මම ගෙදර ආවේ නෑ. තවත් සමහර දවසට එයා ගෙදර ආවේ නෑ. දෙන්නම ගෙදර හිටියත් මහන්සිය නිසා ලොකු කතාබහක් තිබුණේ නෑ. කාලා බීලා නිදා ගත්තා. ඕක තමයි අපි marry කරපු මුල් කාලේ තිබුණ බැදීම. හැබැයි හම්බෙන පුංචි වෙලාවෙත් ආදරෙන් ඉන්න මං උත්සාහ කලා . ඒත්..... ජිසෝට එහෙම උවමනාවක් තිබුණෙ නෑ.

BF foreverWhere stories live. Discover now