🚫 SPECIAL 🔴

145 20 10
                                    


හායි ලමයිනේ.....

                      මේක කතාවට සම්බන්ද දෙයක්.....😊💜️ ඉතින් කම්මැලි නැතුව අන්තිම වෙනකන් කියවන්නලා හලෝ 😚.... මං හිතනවා මේකෙන් ඔයාලගේ ජීවිතේටත් පුංචිම හරි දෙයක් ගන්න පුලුවන් වෙයි කියලා.

  මගෙ කතාවේ Main couple  එකේ bottom V ගැනයි මං අද ලියන්නෙ..... දැනට Part 60ක් ඔයාලා කියවලා තියෙනවා. ඒ ටික කියවද්දි ඔයාලට නිකන් තේරුණාද V අඬන දොඬන එක වැඩියි කියලා?? 🤕 ඒ කියන්නෙ පොඩ්ඩ ඇත්නම් බෙරි වෙන්න බලන් ඉන්න එක සෙට් නෑ වගේ දැනුණ ද?? දවසින් දවස Upload කරන කොටසේ එක තැනක හරි V අඬනවා දැක්කොත් සසර කල කිරෙනවා වගේද????

  ගහප් බෙල්ල ගැලවෙන්න 😒 වචනයක් කියන්නෙ නෑ මගෙ අහිංසකයට....

එහෙම හිතන්න කලින් මේ දේවල් ගැනත් හිතලා බලන්න 😊

කවුද කියන්නෙ " කොල්ලොන්ට අඬන්න බෑ " කියලා???? කෙල්ලොන්ට විතරද සංවේදී හිත් තියෙන්න ඕන ???? කවුද , කොතන ද එහෙම නීතියක් ලියලා තියෙන්නෙ??

මට හිතෙන දේ මං මෙතන ලියන්නම්....

සමාජේ ගොඩක් දුරට සංවේදි හිත් තියෙන්නෙ ගෑණු ලමයින්ට. ඔව් ඒක ඇත්ත. ඒත් අපි නොදන්නවා උනාට පිරිමි සංවේදී හිත් කොයි තරම් නම් ඇතිද?? හරියට මගෙ කතාවේ ඉන්න v වගේ ජීවිතේ දුක් විඳපු , සමාජෙන් හැංගුණ පිරිමි චරිත කීයක් ඇති ද?? එහෙම චරිත සමහර විට අපිට මුණ ගැහිලත් ඇති නේද?? පිටට මහාමේරු පර්වතයක් වගේ දරඳඩුව පේන්න හිටියට ඇතුලතින් පුංචි වැලි කැටයක් තරම් සුමුදු හිත් තියන මිනිස්සු කොච්චරක් ඇතිද මේ සමාජේ??

ඉතින්..... ඒ වගේ මිනිස්සුන් දැනෙන හිතක් ලග නැවතුණාම පහුගිය අතීතෙ සිහිපත් කරලා සංවේදි වෙන එක වැරැද්දක් වෙන්නෙ කොහොම ද??

ඔයාලා හිතයි V කියන්නේ Over thinking mind එකක් තියන චරිතයක් කියලා. ඔව්ව්.. ඇත්තටම එහෙම හිතුවට වරදක් වෙන්නෙ නෑ. ගහක් ගලක් වගේ කිසිම දෙයක් නොදැනෙන , හැගීම් දැනීම් නැති හිත් එක්ක සම්බන්දකම් තියන් ඉන්නවට වඩා , over thinking හිතක් එක්ක සම්බන්දකම් තියන් ඉන්න එක ඇත්තටම ජීවිතේට සහනයක්. ඒක එක එක්කෙනා හිතන විදිය වෙනස් වෙන්න පුළුවන්. මේ මං හිතන විදිය.

හැගීම් දැනීම් නොදන්න හිත් එක්ක සම්බන්දකම් තියන් ඉන්න එක මොන දුකක් ද කියන්නකො. සංවේදී වෙන්න ඕන තැනදිත් හැගීම් දැනීම් නෑ වගේ ඉද්දී ඒක ඉවසන්න පුළුවන් ද එයා ලග ඉන්න අයට?? ආශ්‍ර්‍ය කරනවා නම් සංවේදී හිතක් තියන අයව ආශ්‍ර්‍ය කරන්න ලමයෝ. මොකද ඒ පුද්ගලයා වේදනාව දන්න නිසා කවදාවත් හිතක් රිද්දන්න එකක් නෑ

ඉතින්.... මගෙ කතාවේ මං ආසම චරිතය " V ".... එයාට බනින්න යන්න එපා 🥺💜️ ඒකට මං කැමති නෑ. එයා ඒ විදියට හැසිරෙන්නත් එයාට බලපාපු හේතු සෑහෙන්න තියනවා කියලා ඔයාලා දන්නවා.

කතාව කියවන ගොඩක් අය මේ විදියට හිතන්නෙ නැතුව ඇති. ඒත්.... බැරි වෙලාවත් V ගැන වැරදි මතේක ඉන්න පිරිසක් ඉදියි කියලා හිතලයි මේ විදියට ලිව්වෙ.🥺💜️

කතාවක් උනත් මං ඒක ඇතුලේ ජීවත් වෙනවා ලමයිනේ 🥺💜️ ඉතින්..... මං පොඩ්ඩක්වත් කැමති නෑ මං ජීවත් වෙන කතාවේ චරිත ගැන වැරදි වැටහීමකින් ඉන්නවට....

අඩුපාඩු තියෙනව නම් කියන්න ලමයෝ.... හැබැයි...... මගෙ කතාවේ ඉන්න චරිත වෙනස් කරන්න කියන්න එපා..😊 මොකද ඒ දේ මං කවදාවත් කරන්නෙ නෑ.

අන්තිමට.... මගෙ යාළුවා frenzy kittyටත් තෑන්ක්ස් 😊 හැමදාම කතාව ලිව්වද අහලා වද දෙනවට 😅😅 ඊටත් වඩා තෑන්ක්ස් ආසාවෙන් කතාව කියවලා මට ලස්සන කමෙන්ට් දෙනවට.. love u.....😊💜️

BF foreverWhere stories live. Discover now