BF FOREVER part 92....

151 17 23
                                    

Part 92....

Jk - මගෙ මැණික අපි ගිහින් එන්නම්. වෙලාවට කාලා ,බෙහෙත් බීලා ,ව්‍යායාම කරලා ඉක්මණින් සනීප වෙලා එන්න.

Mingyu - හරි මගෙ හියුන්ග්. මං එද්දි ඔයාලත් ඔඩිෂන්වලින් වින් කරලා ඉන්න හොදද. චූටි හියුන්ග්වයි appaවයි බලාගෙන මගෙ හියුනුත් ගොඩක් ම ගොඩක් පරිස්සමින් ඉන්න.

Jk - හරි මැණික. ඔඩිෂන් නිසා හැම weekend  එකකම එන්න බැරි වෙයි අපිට. ඒ නිසා මගෙ සූකිරි බඩිල්ලා තරහ වෙන්න එපා හොදද.

Mingyu - නෑ මගෙ හියුන්ගි මං තරහා වෙන්නෙ නෑ. සූකිරි බඩිල්ලට පාළු නෑනේ දැන් යාළුවො ගොඩක් ඉන්න නිසා.

V - මගෙ මණික චූටි හියුන්ග් ඔයාට ගොඩක් ආදරෙයි. ඉක්මණින් සනීප වෙලා එන්න හොදද අපි ලගට.

Mingyu - හරි චූටි හියුන්ග්. මාත් ඔයාලා හැමෝටම ගොඩාරියක් ආදරෙයි.

( වෙන් ව යෑම කෙතරම් අපහසු වුවත් jin , jk, V සහ නම්ජුන් කෙසේ හෝ  mingyuගෙන් සමුගන්නට වූයේ කදුළු පිරි දෑසිනි. )

V - හියුන්ග්....

( සියලු දෙනාම මෝටර් රථයෙහි නැගී තම නිවෙස කරා ගමන් ගන්නා මොහොතේ නොනවත්වාම නාද වන තම දුරකථනය  jk අතට දෙමින් )

Jk - ආන්සර් කරන්න චූටි.

V - අන්සේව් නම්බර් එකක් හියුන්ග්.

Jk - hellow??

( දුරකථන ඇමතුමට ප්‍රතිචාර දක්වමින් speaker on  කරයි )

?? - Hellow.... කොහොම ද ඉතින්? මාව අදුරගන්න පුලුවන් ද??

Jk - Sorry ??

?? - Guess  කරන්න බලන්න මං කවුද කියලා.

( මේ මොහොතේ නම් සැබැවින්ම jkගෙ කෝපය ඉවසීමේ සීමාවේ අබියසටම පැමිණ තිබුණි )

Jk - I think this is a wrong number. So ආයේ කෝල්ස් අරන් කරදර කරන්න එපා.

?? - හේයි මේ මම අනේ. හියුන්ජින්.... Hwangගෙ පොඩි පුතා. මාව අමතක ද?? එදා birthday party එක කියලා යන්න ආවේ මමනේ.

( ඔහු පැවසූ දෙයත් සමගම jk  තම තියුණු දෑස් V දෙසට යොමු කරන්නට වූයේ ඔහුටත් නොපවසාන දුරකථන අංකය ලබාදීම පිලිබදව දැඩි කෝපයට පත්වයි )

Jk - ආහ් ගන්න. ඔයාගේ යාළුවෙක්.

( එපමණක් පැවසූ jk  airpods දෙක සවනෙහි රදවාගෙන අසුනෙහි අනෙක් කෙලවරට යන්නට වූයේ vගෙ ජංගම දුරකථනය අසුනෙහි හිස් වූ තැනට විසික් කරමිනි )

BF foreverWhere stories live. Discover now