BF FOREVER part 57....

171 23 9
                                    

Part 57....

Soobin - ම්ම් හරි පුතා thanx. මං wash එකක් දා ගන්න යනවා. ඒ ගමන් ම බලන්නම්කො යොන්ජුන් ඇවිත් ද කියලා.

Namjoon - මාත් wash දාගෙන එන්නම් එහෙනම්.

( namjoon  සහ soobin පිටව ගිය පසු town එකෙන් ගෙන ආ බඩු සියල්ල පිලිවෙලට ඇසුරූ jin ද කාමරය වෙත ගමන් ගන්නට වූයේ ඇගපත සෝදා ගැනීමේ අරමුණෙනි )

Jimin - මොකක්ද හා දතෝ ඒ කිව්ව බොරුව?? මාවත් ගාව ගත්තනේ. දැන් යොන්ජුනා ඇවිත් උබ ගැහුවා කියලා කට්ටියම ඉන්න තැන කිව්වොත් එහෙම?? ෂැහ් මාත් බොරුකාරයෙක් වෙනවනේ.

Jk - හහ් උබ හිතනවද ඒ පම්පෝරියා ඇත්ත විස්තරේ කියයි කියලා?? එහෙනම් යොන්ජුන්ගෙ ලැජ්ජා නහරේ කැපිලවත් තියෙන්නෙ ඕන. ගෙදර වැඩට ඉන්න එකාගෙනුයි  එයාගේ හුරතල් බබාගෙනුයි ගුටි කෑවා කියන්න කොහෙන්ද බං එයාට හයියක්??

Jimin - අනේ මන්දා අපි බලමුකෝ.

V - හියුන්ග්.... මට සුප් එකක් ඕන.

( jkගේ පිටුපසින් පැමිණ ඔහුව තුරුළු කර ගනිමින් )

Jk - ම්ම් මං හදලා දෙන්නම්කෝ. Mingyu බබාට මොනා ද ඕන? එතකොට ජිමිනි කොටාට??

Mingyu - මට දයියා සුප් එකක් ඕන.

Jimin - ම්ම්ම්ම් මට..... මට ඕන රාමේන් එකක්. උබ වද වෙන්න එපා. මං හදා ගන්නම් ඒක.

Jk - mingyu  බබාගේ favoriteනෙ ඉතින් සැරට සුප් බොන එක. රාමේන් කාලා බඩ පිරෙනවද ජිමින්? අනික තෙල් කෑම ඔය හැටි කන්න හොද නෑ ලෙඩ වෙයි. රාමේන්  කන්න ඕනමනම් මං හදලා දෙන්නම්. සුප් ටිකකුත් බොන්න ඒ එක්කම.

Jimin - එහෙනම් ඔන්න ඔහෙ සුප් එකක්ම බොමුකෝ. කෝ මං භාජන ටික හෝදලා ගන්නම්. උබ එලවලු කපපන්.

Jk - හම්නේ අමාරුම වැඩේනේ කොටෝ ඔයා කරන්න හදන්නෙ. හා හා කමක් නෑ එහෙම හරි උදව්වක් දෙනවනේ.

V - හියුන්ග්.... මං එලවලු කපලා දෙන්න ද??

Jk - මේන් වැන්දා චූටි අතපය තුවාල කර ගන්නැතුව ඉන්න. මං හදන්නම් තනියම.ඔයා බලන් ඉන්නකෝ.

V - ඒත්.... ඒත් මං ආසයිනේ හියුන්ගි.

Jk - ආසයි කියලා බෑනේ දරුවෝ. ඇගිල්ලක් එහෙම තුවාල කර ගත්තොත් මගෙ හිතටත් අවුල්නේ. හොද ලමයා වගේ අද බලන් ඉන්නකෝ සුප් හදන හැටි. මං හැමදේම කියලා දෙන්නම්. පස්සෙ දවසක ඔයා හදන්න. කමක් නෑ නේද??

BF foreverWhere stories live. Discover now