BF FOREVER part 98....

135 17 8
                                    

Part 98....

Jk - ඇයි චූටි??

V - ඇයි යන්නෙ?? මගෙ ලගට වෙලා ඉන්නකෝ හියුන්ග්.

Jk - මගෙ පැටියා කිරි එක බීලා නිදා ගන්නකෝ. අප්පට වැදගත් දෙයක් කියන්න තියනවලු මට. මං ඒක අහගෙන එන්නම්.

V - මාත් එනවා.

Jk - කේන්ති ගස්සන්න එපා ඉතින් මැණික. මගෙ දරුවා අමාරුවෙන් නෙ ඉන්නෙ ගෑස්ට්‍රයිටීස් හැදිලා. කිරි එක බීලා තව ටිකක් නිදා ගන්න. එතකොට ඔය ඇගේ අමාරුවත් යයි.

( V කිසිත් නොපවසා කිරි වීදුරුවද අතැතිව jk අසලට පැමිණ ඔහුට තුරුළු විය )

V -ප්ලීස් හියුන්ග්.

Jk - ඇයි චූටි ඔහොම මුරණ්ඩු වෙන්නෙ??

V - මට ඔයා ලග ඉන්න ඕන හියුන්ග්.

Jk - ඔයා ලග තමයි මැණික මම ඉන්නෙ. ම්ම් කමක් නෑ යමුකො එහෙනම් අපි කිචන් එකට. හැබැයි අසනීප ගතිය වැඩි උනොත් නම් කාමරේට ඇවිත් නිදා ගන්න ඕන හරිද.

V - ලව් යූ හියුන්ග්.

( jkගෙ දෙතොල් සිප ගනිමින් පැවසූ විට jkද පෙරලා ඔහුට හාදු තවරන්නට විය. මොහොතකින් දෙදෙනාම මුළුතැන්ගෙට පැමිණ තිබුණි )

Jk - කියන්න appa.

Jin - ආහ් චූටි පුතත් ආවාද??

V - ඔව් ජීනු අංකල් නිදිමත නෑ වගේ. ඒ නිසා මාත් ආවා.

Jin - ගෑස්ට්‍රයිටීස් හැදිලලු නේද?? එහෙ හොටෙල් කෑම ඉතින් ගෙදර හදනවා වගේ ගුණ නෑනේ පුතේ. මං මේ සතියේ පුතාලා ආස කරන කෑම වර්ග හදල දෙන්නම්කො හොදද.

V - තෑන්ක්ස් ජීනු අංකල්. ඔයාගේ කෑම නිතරම මතක් උනා අපිට ට්‍රේනින් කාලේදිත්.

( jkගෙ උරහිසට හිස තබා ගනිමින් v පවසන්නට විය )

Jk - මොකක් ද appa කියන්න තියනවා කිව්වෙ??

( jkගේ හිත කලබලයට පත්ව ඇති බව ජින්ට මෙන්ම Vට ද වැටහුණි )

Jin - ඒ.... මේ කොල්ලා එක්ක බෑනේ. කලබල වෙන්න එපා දරුවෝ.

Jk - හරි ඔයා කියන්නකො appa ඉතින් මොකක්ද විස්තරේ කියලා.

Jin - මේකයි ප්‍රශ්නේ හරිද.... හියුන්බින් , හියුන්ජින් දරුවෝ දෙන්නව මතකයි නේද ඔයාලට??

BF foreverWhere stories live. Discover now