BF FOREVER part 71....

163 24 11
                                    

Part 71....

Namjoon - එහෙනම් ඔක්කොම හරිනේ ජීනු???? පැහැදිලියි නේද ????

Jin -ඔව් ලොකු සර් ප්‍රශ්නයක් නෑ. මං දවස් හතරක් ඇතුලත ඔක්කොම complete කරලා  දෙන්නම්.

Soobin - හැබැයි පුතෝ වැඩේ වරද්ද ගන්න නම් එපා. බේරුමක් හම්බෙන්නෙ නෑ මේ ලොකු බොසාගෙන්.

Jin - මාව විශ්වාස කරන්න soobin sir. මට පුලුවන් උපරිමයෙන් මං මේ වැඩේ කරනවා.

Namjoon - මේක මං බලෙන් ඔයාගේ ඇගේ ගහපු දෙයක් නෙවෙයි ජීනු. ඔයාම බලෙන් ඉල්ල ගත්ත දෙයක්. ඉතින් ඔයාට පුලුවන් උපරිම දේ කරලා පෙන්නන්න.  All the best....

( අතට අත දෙමින් jinට සුබ පතයි)

Soobin - හොදටම ෂුවර් ද ජීනු ප්‍රශ්නයක් නැතුව දවස් හතරින් වැඩේ complete  කරන්න පුලුවන් කියලා??

Jin - බලමු soobin sir. මට පුලුවන් කියලා හිතුණ නිසයි සතියක් කල් තියෙද්දිත් දවස් හතරෙන් දෙන්නම් කිව්වේ.

Namjoon - දවස් හතරක් කිව්වට ඔයාට අද ඉදන් හරියටම දවස් හතක් තියනවා. ඒ නිසා හිමින් සීරුවේ neet එකට වැඩේ සිද්ධ කරන්න.

Jin - හරි ලොකු සර්. මං කෑම හදලා ආවේ. බඩගිනිත් ඇතිනේ?? යමු නේද කෑම ගන්න.

Namjoon - මෙන්න.මගේ lap එක ගන්න. අද ඉදන් ඔය project  එක ඉවර කරනකන් මේක ඔයා ලග තියා ගන්න. details ඔක්කොම තියනවා ජීනු. ප්‍රශ්නයක් උනොත් මට කියන්න.

Jin - හරි ලොකු සර් තෑන්ක්ස්.

Soobin - හනේ.... බඩ දගලනෝහ්. දැන් නම් පොඩ්ඩක් වැඩිපුර බඩගිනියි වගේ හියුන්ග්. කන්න යමුද??

( එසේ පවසනවාත් සමගම namjoon  soobin දෙසට තියුණු බැල්මක් හෙලන්නට විය)

Soobin - හරි ඉතින් meeting  එක ඉවරනේ දැන්. ඒකනේ මෙච්චර වෙලා සද්ද නැතුව හිටියේ.

Namjoon - කියලා තියනවා හරිද business  වැඩ කරද්දි සහෝදරකම් , personal life එක සම්බන්ධ කර ගන්න එපා කියලා.

Soobin - හැව් හැව් හැව් තමා. දැන් meeting එක  ඉවරනේ ලොකු සර්. මෝඩ ජින් තමුන්ට හොද වැඩේ. මේ මනුස්සයා එක්ක වැඩ කරන්න හරි අමාරුයි. ඉල්ලන්නෙ කන්නෙ. මං යනවා පල්ලෙහාට. බඩගිනියි ඉන්න බෑ. ඔයාලා ආවත් නැතත් මං කනවා හරිද.

BF foreverWhere stories live. Discover now