BF FOREVER part 84....

173 28 8
                                    

Part 84....

Staff 1 - මේ ෆෝර්ම් එක ෆිල් කරලා team එකේ membersලගේ සම්පූර්ණ නමත් එක්ක අත්සන අරන් dance එක පටන් ගන්න කලින් අපිට භාරදෙන්න හරිද.

Jk - Yeah sir sure....

( කාර්‍ය මණ්ඩලය විසින් දෙනු ලැබූ අයදුම්පත ද ලබා ගත් jk ඔහුගේ කණ්ඩායමට වෙන් කරන ලද කාමරය වෙත ගමන් කරන්නට විය )

???? - හාලෝ බොක්කහ්.... දැක්ක කල් අනේ.... කොල්ලා ටිකක් ලස්සනත් වෙලා ද මන්දා.

(තමාට පිටුපසින් ඇසුණු හඬ කාගේදැයි හදුනා ගැනීමේ අරමුණින්  jk ඒ දෙසට දෑස් යොමන්නට විය )

Jk - ආහ් kai.... ගොඩ දවසකින්නෙ..හමුවීම සතුටක්.

( වෙනසක් නොපෙන්වා අතට අත දෙමින් සුහදව කතාබහ ආරම්භ කරන්නට විය )

???? - හමුවීම සතුටක් කියලා විශ්වාසෙන් ද කියන්නෙ??

Jk - ආහ් මේ ප්‍රොෆෙසර් eunwooත් ඉන්නෙ.  අවංකෙන්ම කිව්වොත් විශ්වාසෙන් නෙවෙයි එහෙම කිව්වෙ. හිත් රිද්දන්න බෑනේ. ඒ නිසයි එහෙම කිව්වේ.

( පැවසිය යුතු දේ මූණටම පැවසූ jk එතැනින් ඉවත්ව යෑමට සූදානම් විය )

Eunwoo - අද තමුනුත් තරග කරනව ද??

Jk - අනේ නෑනේ ප්‍රොෆෙසර්. මං මේ නැටුම් බලලා යන්න ආවේ. Excuse me. මං දැන් යන්න ඕන.

Kai - පොඩ්ඩක් කතාබහ කරලා යන්න අනේ. මොකක්ද හදිස්සිය??

Jk - ඇත්තටම මට ඔයාලා එක්ක කතා කරන්න දෙයක් ඇතියි කියලා මං හිතන්නෙ නෑ. මීට වැඩිය වැදගත් වැඩ තියනවා මට. So මං දැන් යන්න ඕන. එහෙනම් අපි පස්සේ මුණ ගැහෙමු.

( jk ආපසු හැරී ඔවුන්ට වෙන් කරන ලද කාමරය වෙත ගමන් කරන්නට විය )

Jk  - ආෂ්.....

Kai - ආනේ චූටි පැටියට වීදුරු කට්ටක් ඇනුණද?? අයියෝ.... කොහොමද ඉතින් දැන් ඔයා ඩාන්ස් කරන්නේ??

Eunwoo - මේ බලපංකෝ kai.... සෑහෙන්න ලේත් යනවා නේද?? පව් අනේ. එහෙමයි කියලා මේ පව් කර ගහන්න පුලුවන් ද? අපි යමු යන්න. ඕන්න අපිනම් මුකුත් දැක්කෙ නෑ හරිද?

( kaiගෙ සහ eunwooගේ සමච්චල් සහගත කතා හමුවේ jk තම වේදනාව ඉවසන් සිටියේ බොහෝ අපහසුවෙනි. මේ මොහොතේ පඩිපෙලෙහි වීදුරු කටු තිබීමට කිසිදු හැකියාවක් නොවූ අතර මෙය eunwoo සහ kai විසින් තමන්ට කරන ලද හිරිහැරයක් බව jk ඉතා හොදින් වටහා ගන්නට විය )

BF foreverWhere stories live. Discover now