BF FOREVER 25....

170 28 11
                                    

Part 25....

After 20 minutes....

Jin - ඔක්කොම හරි නේද? Jk ඉක්මනට මල්ලිව car එකට එක්කන් යන්න.චූටි පුතා ඔයත් ලෑස්තියි නේද?

V - ඔව් අංකල්. ඇයි කලබලෙන් වගේ ? වෙලාව මදි ද මල්ලිව clinic එක්කන්  යන්න??

Jin - න් නෑ.... නෑ පුතා ප.. පරක්කු වෙන එකක් න් නෑ.... කෝකටත් වේලාසන ගිහින් ඉන්න එක හොදනේ.

( අකමැත්තෙන් උනත් ජින්ටත් මේ වෙලාවේ බොරුවක් කියන්න සිද්ධ උනා )

( කතාවෙන් කතාව ඔක්කොම අය ගමන යන්න පිටත් උනා. Jin drive sheet එකට ගියා.පුංචි mingyu ට car එකේ ඉස්සරහ sheet එකේ යන්න ඕන කියලා කිව්ව නිසා එයා jinගේ එහා පැත්තේ sheet එකෙන් ඉද ගත්තා. V , jk දෙන්නා පිටිපස්සෙ sheet එකෙන් ඉද ගත්තා)

V - හ් හියුන්ගි ජින් අංකල්ට කියන්නකො ටිකක් හිමින් යමු කියලා..

( v jk ට රහසින් මෙන් පවසයි. ඒත් සිද්ධ වෙලා තියන දේ හරි විදියට දැන ගත්තනම් v ඔයිට හාත්පසින්ම වෙනස් දෙයක් කියන්නෙ කියලා jk දැනන් හිටියා)

Jk - ඔයා ඇත්ත දන්නව නම් මට කියයි "හියුන්ගි අපි තව ටිකක් වේගෙන් යමු " කියලා.

( jk තනිව සිතන්නට විය )

Jk - බය වෙන්න එපා චූටි. අපේ appa මටත් වැඩිය පරිස්සමින්  drive  කරනවා. ඔයා තව ටිකක් නිදා ගන්න. Hospital  එකට ලං උනාම මං ඇහැරවන්නම්.

V - හියුන්ග්..... මට අමුතුයි.

Jk - ඇ....ඇයි චූටි??අසනීපයි වගේද?

V - න් නෑ මගේ හිත කලබලයි.. ඊයේ ඉදන් හරි අමුතුයි.

( jk වැටෙන්න තියන ගැඹුරුම  ප්‍රපාතෙට වැටුණේ දැනුයි. හේතුවක් නොදැනම vගේ හිත කලබල වෙලා තියෙන්නෙ ඇයි කියන්න jk වගේම jin දන්නවා උනත් තාම ඒ කලබල උන හිතේ අයිතිකාරයා උන v  කිසිම දෙයක් දන්නෙ නෑ)

Jk - ඔයා හිතනවා වැඩියි චූටි. ටිකක් ඇස් පියාගෙන ඉන්න.

( එහෙම කියපු jk එයාගේ phone එකෙන් සිංදුවක් play කරලා handfree එක vට දුන්නා )

Jk - ඇස් දෙක පියාගෙන මේ සිංදුව අහන්න.

( vත් ඒ handfree එක අරන් සිංදුව අහන්න ගත්තේ jk ගේ උරහිසට ඔලුව තියාගෙනයි)

BF foreverWhere stories live. Discover now