BF FOREVER 24....

180 25 12
                                    

Part 24....

Jin - ඒ උනාට හිතට දුකයි පුතා. බලන්නකෝ චූටි පුතාගේ මූණේ තියන පිං පාට. ලොකු සර්ටයි ලොකු මැඩම්ටයි පෙර කරපු පිනකට මේ වගේ නිවුණු සංවර දරුවෙක් හම්බෙලා තියෙන්නෙ.

Jk- ම්ම් ඔව් appa. මං මෙයාට bedsheet එක පොරවලා කන්න එන්නම්. Appa ගිහින් කන්න.

( එහෙම කියපු jk bedsheet එකෙන් vගේ ඇග වහලා  jin එක්ක රෑ කෑම ගන්න ගියා. Jkටත් කන්න කිසිම පිරියක් තිබුනේ නෑ. ඒත් එයාගෙ appa මහන්සි වෙලා කෑම හැදුවා නිසා අකමැත්තෙන් හරි රෑ කෑම එක ගන්න සිද්ධ උනා)

Jin - ඔයා එහෙනම් උඩ ඇඳට යන්න පුතා. මාත් නිදා ගන්න යනවා. Good night....

( රෑ කෑම ගෙන අවසන් වී)

Jk - good night appa.

( එහෙම කියපු jk v නිදාගෙන හිටිය sofa එක ලගින්ම බිමට පැදුරක් දාගෙන  හාන්සි උනා)

After 45 minutes....

V - හියුන්ග්.....

Jk - ඔයා ඇහැරුණා ද චූටි?

( නින්දත් නොනින්දත් අතර හිටිය jk vගෙන් ප්‍රශ්න කලා)

V - මං එන්න ද ඔතනට?

Jk - බඩගිනි ඇති නේද? ඔයාගේ කෑම එක බෙදලා තියෙන්නෙ.ඔහොම ඉන්න මං ගෙනත් දෙන්නම්.

V -  එපා හියුන්ග්..

( එහෙම කියපු v jk ලගට ගිහින්  එයාගේ පපුව උඩින් ඔලුව තියාගත්තා)

V - මෙහෙම ඉන්න දෙන්න.

Jk - ප්‍රශ්නයක් නම් මට කියන්නකෝ ඔහොම හැසිරෙන්නෙ නැතුව. Felix නිසා හිත රිදිලද?

V - න් නෑ හියුන්ග් ඒ වෙලාවට දුක හිතුණට මං ඒවා හිතේ තියන් ඉන්නෙ නෑ. මිනිස්සු රිද්දනකොට ඒවා ඉවසන් ඉන්න එක පුරුද්දක් වෙලා තියෙන්නෙ.

Jk - ඇයි එහෙනම් ඔය විදියට හැසිරෙන්නෙ?

V - දන්නෙ නෑ හියුන්ග්.... මට මහ අමුතුයි.

Jk - ම්ම්  දැන් නිදා ගන්නකෝ එහෙනම්. කිසිම දෙයක් ගැන ලොකුවට හිතන්න එපා. Good night..

( v ව තව ටිකක් තුරුළට ගනිමින්)

V - good night  හියුන්ග්...

Jk - ඔයාව මෙහෙම ලං කරන් මං කරන්නෙ වැරැද්දක් ද චූටි?? මුලින්  ඔයාව මගෙ මල්ලි mingyu  වගේම දැනුන නිසයි මං ඔයාට ලං වෙන්න ඉඩ දුන්නෙ.... ඒත්.... මේක වැරදියි නේද චූටි? අපි appaලා දෙන්නෙක්ගේ දරුවෝ. ඔයා අහසේ ඉද්දි මං පොලොවෙනුත් අඩි ගානක් යට ඉන්නෙ. දුක සතුට බෙදා ගන්න කෙනෙක් නැතුව ලෝකෙන්ම හැංගිලා ජීවත්වෙන ඔයාව තනි කරන්න තරම් මං ආත්මාර්තකාමී වෙන්නෙ කොහොම ද චූටි??  මං ගොඩක් උත්සාහ කරනවා  අපි දෙන්නා අතරේ තියෙන්නේ සහෝදර බැදීමක් විතරයි කියන එක මගෙ හිතට තේරුම් කරලා දෙන්න. ඒත්.... හිතට එකඟව එහෙම හිතන්න තරම් මං ශක්තිමත් නෑ චූටි. මං දන්නවා ඔයාගේ හිතේ තියෙන්නෙත් අපි දෙන්නා සහෝදරයෝ කියන හැගීමක් විතරයි කියන එක. ඒත්..... අද මට දැනෙන හැගීම කවදා හරි ඔයාටත් දැනුණොත් මං කොහොමද ඔයාගේ හිත රිද්දලා ඈත් වෙන්නෙ?? මේ වේලාවේ මං දෙවියන්ගෙන් ඉල්ලන්නෙ එකම එක දෙයයි.... ඒ  " අද මගේ හිතේ තියන හැගීම කවදාවත් ඔයාට දැනෙන්න එපා " කියන එක විතරයි....

BF foreverWhere stories live. Discover now