BF FOREVER part 80....

184 23 12
                                    

Part 80....

Yeonjun - අද ලොකු appa එද්දි කවුදෝ මන්දා මනුස්සයො දෙන්නෙක් මට ගහන්න හැදුවා. උන් මාව කාර් එකෙන් එලියට ඇදලා ගද්දිත් ජින් මුකුත් නොකර කාර් එක ඇතුලට වෙලා හිටියා.appaයි ලොකු appaයි මෙයාව විශ්වාස කරලනේ මාව hospital  එකෙන් එක්කන් එන්න කිව්වෙ. එහෙම විශ්වාස කරපු මනුස්සයා මෙහෙම දෙයක් කරපු එක සාධාරණ ද??

( yeonjun  පවසන දෑ අදහා ගත නොහැකිව ජින් ඇතුළු සියල්ලෝම පුදුමයට පත් විය )

Soobin - මොකාක්???? එතකොට කොහොමද ඔයා උන්ගෙන් බේරිලා ආවේ පුතේ? තුවාල උනා ද?? කවුද ඒ මිනිස්සු??

Yeonjun - මං උන්ට ගැහුවා. ලොකු appaගෙ නම කිව්ව ගමන් උන් බය වෙලා මාව අතෑරලා යන්න ගියා. ඒත් ජීන් ආවේ නෑ මගෙ උදව්වට.

Namjoon - ආවේ නැත්නම් කොහොමද එයා කාර් එකෙන් බැහැලා හිටියේ??  මං එද්දි ඔයා කාර් එක ඇතුලෙනෙ හිටියේ. ඒත් ජින් එලියේ.

Yeonjun - උන් ගියාට පස්සෙ බොරුවට එලියට බැස්සා.මෙයාගේ හැටි ඔයාලා දන්නෙ නෑ අනේ.බොරු අහිංසක මූණු පෙන්නගෙන හැමෝවම රවට්ටගෙනනේ ඉන්නෙ.

Namjoon - කාර් එකේ යන ගමන් කොහොමද ඒ මිනිස්සු ඔයාව දකින්නෙ?? අනික ඔයාගේ අතින් වැරැද්දක් උනේ නැත්නම් මොකටද ඒ මිනිස්සු ඔයාට අත උස්සන්නෙ??

Yeonjun - මට තිබහක් ඇවිත් බීම එකක් ගන්න නවත්තන්න කිව්වා. ජින්ට යන්න කිව්වම එයා ගියේ නෑ. තිබහ වැඩිකමට මං යන්න හැදුවා.ඒ යන්න හදද්දි තමයි උන් මාව දැකලා කාර් එකෙන් ඇදලා එලියට ගත්තෙ. මං දන්නෙ නෑ ලොකු appa උන් කවුද කියන්න. සමහරවිට jisoo ඔම්මට කරදර කරපු උන් ද දන්නෙ නෑනේ.

Jk - සමාවෙන්න යොන්ජුන් සර්. ඒත් ඔය විදියට බොරු කියන්න එපා. මගෙ appa  ගැන මං හොදටම දන්නවා.එයාට මොන දරුවත් එකයි.

Yeonjun - හහ් ඇයි ඇත්ත කියද්දි රිදුණද හිඟන පැටියෝ??  අනිත් එකා මූ appa. මූ නිසා තමයි මං hospital  හිටියෙත්.

Namjoon - මොකක් ද ඒ කතාවේ තේරුම??

Yeonjun - මූ තමයි පෙරේදා මට ගැහුවේ.

V - ඔව්.හියුන්ග් තමයි මෙයාට ගැහුවේ. ඔච්චර දෙයක් කිව්ව එකේ හේතුවත් කියනවා යොන්ජුන්. හොස්පිට්ල් නවතින්නම ඇයි හියුන්ග් තමුසෙට ගැහුවේ?

BF foreverWhere stories live. Discover now