BF FOREVER 21....

160 22 4
                                    

Part 21....

V - ඇයි අනේ ඔයාලා  රොබෝලා වගේ හැසිරෙන්නෙ?? මගේ appa , eomma  විතරක් නෙවෙයි දැන් ඔයත් එහෙමයි. කොහොමද දෙයියනේ ඔහොම වැඩ කරන්නෙ?? ජීවත් වෙන්න සල්ලි ඕන තමයි. ඒත් ඔය විදියට මහන්සි වෙද්දි මොකක්ද ඒ ජීවිතෙන් ඇති වැඩේ?

Jk - ඔයා තාම මේ සමාජේ ජීවත් වෙන්න පටන් අරන් නෑ චූටි. එහෙම ජීවත් උන දවසක තේරෙයි
මනුස්සයෙක් හුස්ම උස් පහත් කරන්න කොච්චර දුකක් විදිනව ද කියලා.

V - ඔයා හිතනව ද හියුන්ග් සල්ලි දේපල ඔක්කොම තිබුණා කියලා ඒ මිනිස්සු සතුටින් ඉන්නෙ කියලා?? අපේ appaට eommaට කොච්චර සල්ලි තියනව ද?? එයාලා ලග දැනට තියන සල්ලිවලින් පරම්පරා ගාණක් පෝෂණය කරන්න පුලුවන්. ඒත්.... ඒත් ඔයා දැකලා තියනව ද එයාලා සතුටින් හිනා වෙලා ඉන්නවා?? එහෙම හිටියත් උපරිම පැය භාගයයි. Busness වැඩ මතක් වෙලා ආයේ ඒ පස්සෙ දුවනවා. ඔයා දන්නව ද ඒක මට කොච්චර දැනෙනව ද කියලා? Eomma , appa දෙන්නම කියන්නේ එයාලා මහන්සි වෙන්නෙ මං වෙනුවෙන් කියලා.ඔව් ඒක ඇත්ත. මට අඩුපාඩුවක් නොකර ඉල්ලන හැමදේම දෙන්නයි එයාලා උත්සාහ කරන්නෙ. ඒත්.... මගෙ හිතේ මොන දුකක්ද තියෙන්නෙ කියන්න එයාලා දන්නවද? මං මාත් එක්කම පුදුම කේන්තියකින් ඉන්නෙ. මං නිසා කී දෙනෙක් දුක් විඳිනව ද දෙයියනේ? Eomma , appa මදිවට දැන් ඔයත්. අත් දෙක එකතු කරලා වැඳලා කියන්නම් හියුන්ග් මගෙ eommaටයි appaටයි මේ දේවල් තේරුම් කරලා දෙන්න. මට බෑ එයාලා ඉස්සරහා මෙහෙම නිදහසේ කදුළු වට්ටන්න. මට බයයි එයාලගේ හිත් රිදෙයි කියලා. එයාලට කියන්න හියුන්ග්  මං හැම busness  එකක්ම බලා ගන්නම් කියලා. තේරුම් කරලා කියන්නකෝ මාත් එක්ක එක සතියක් හරි නිවාඩු අරන් time spend කරන්න කියලා. මං ආසයි හියුන්ග් ඒ දෙන්නගේ ආදරේ ලැබෙනවට.

( v මහ හයියෙන් කෑ ගසමින් හඩා වැටෙයි )

( jk car එක පාරෙන් අයිනට කරලා නවත්තයි )

Jk - ෂ්ෂ්ෂ්ෂ්ෂ්..... අඬන්න එපා චූටි.... ඔහොම කරලා මාවත් අඬවන්නනේ හදන්නේ ඔයා. කෝ එන්න මං ලගට.

( V ගේ ඉණ වටින් අත් දෙක යවපු jk එයාගේ පපුවට v ව තුරුළු කර ගත්තා )

V - බනින්න එපා.....

Jk - න් නෑ නෑ බනින්නෙ නෑ. මං ප්‍රොමිස් වෙනවා ලොකු සර්ටයි ලොකු මැඩම්ටයි මේ දේවල් තේරුම් කරලා දෙනවා කියලා ම්ම්ම්ම්...

BF foreverWhere stories live. Discover now