BF FOREVER part 94....

121 9 7
                                    

Part 94....

Jin - අපි නම්ජූන් අංකල්ගෙනුත් අහමුකො. හැබැයි මම නම් කැමතියි.

Jimin - ඒ මෝඩයෝ නොවී කැමති වෙනවා. ඔහොම චාන්ස් මේ වෙනකන් කාටවත්ම ඇවිත් නෑ. උබලගෙ පින. ට්‍රේනින් එකත් එක්ක ඕවා කරන්න ටිකක් අමාරු වෙයි. ඒත් කමක් නෑ බං උබලට පුලුවන්. කට්ටක් නොකා තැනකට එන්න බෑ කාටවත්. උදාහරණෙකට ගනින් ජීනු අංකල්ව. එයා අවුරුදු දහතුනක් දුක් වින්දා මේ තැනට එන්න.ඉතින් එයාගෙම ලේ තියෙන  උබට බැරි වෙන්න විදියක් නෑ. වස්තුවවත් අල්ලගෙන ගේම ගහපන් කොහොම හරි.

Namjoon - ඇයි ජිමින් පුතා මෙයාලා ට්‍රේනින් යන්න බෑ කියනව ද??

( ඇගපත සෝදාගෙන මුළුතැන්ගෙයට පැමිණි නම්ජූන් ජිමින් පැවසූ අවසන් වදන් කීපය අසා එලෙස ප්‍රශ්න කරන්නට විය )

Jin - නෑ ජූන් එහෙම දෙයක් නෙවෙයි. මේ දැන් ටිකකට කලින් බතලයා කතා කලා. එන්නකෝ විස්තරේ කියන්න ඉතින්.

( නම්ජූන්ගෙ දෑතින් අලාගෙන කෑමකාමරයට ගොස් එතැන අසුන්ගනිමින් )

Namjoon - මොකෝ උනේ ජීනු??

Jin - අපේ මේ නසරාණියෝ දෙන්නා ගම , රට කාලා තියෙන්නෙ.

Namjoon - ඇයි??මොකක් හරි ප්‍රශ්නයක් ද??

Jin - මේකයි.... ඊයේ අපෙ කොල්ලො දෙන්නා මීඩියා ඉස්සරහා සින්ග් කලානේ. කිසිම පෙර සූදානමකුත් නැතුවනේ ඒ දෙන්නා සින්ග් කලේ. ඉතින් ඕක මීඩියාවලින් හැමතැනටම දීලා. සෝෂල් මීඩියාස්වල හිටන් වෛරල් යනවලු අපි දෙන්නගෙ විස්තරයි දරුවෝ දෙන්නගෙ විස්තරයි.ඉතින් ඒක දැකපු මිනිස්සු  දරුවෝ දෙන්නට ඉන්වයිට් කරනවලු සෑහෙන්න. ඒ කියන්නෙ ෆන්ෂන්ස්, මියුසිකල් ෂෝස්වලට විතරක් නෙවෙයි stage performance  වලටත් ඉන්වයිට් කරනවලු. අදහන්නම බැරි දේ කියන්නෙ දැනට ෆීල්ඩ් එකේ ඉන්න බෙස්ට්ම අයිඩල්ස්ලටත් මේ දෙන්නගෙ දක්ෂතාවේ බලන්න ඕන කිව්වලු. ඉතින් බතලයා කෝල් කරලා අහනවා ට්‍රේනින් වෙන ගමන් ඒ දේවලුත් කරන්න කැමති ද කියලා.

Namjoon - Whaaaaaat???? එච්චර දෙයක් වෙලාද රැයක් එලි වෙද්දි?? ලමයි දෙන්නා මොකද කියන්නෙ??

Jin - තාමනම් මුකුත් නෑ.ඒත් මං හිතන්නෙ එයාලා ඒ වැඩේට කැමතියි. චුට්ටක් හිත කලබලෙන් ඉන්නෙ ට්‍රේනින් කරන ගමන් මේ හැමදේම කරන්න ගිහින් විවේකයක් නැති වෙයි කියලා.

BF foreverWo Geschichten leben. Entdecke jetzt