BF FOREVER part 64....

157 23 22
                                    

Part 64....

Jk - ඔයා හෙට lunch එකට යනවනම් යන්න මැණික. නීතී දාලා හිර කරන්න උවමනාවක් නෑ මට.

V - ම්හ් හියුන්ගි මං ආස නෑ. Felix ගැන මට දුකයි.

Jk - මටත් දුකයි චූටි. ඒත් එයා අන්තිමේදී හැමදේම තේරුම් අර ගත්තනේ. මගෙත් වැරැද්දක් තියනවා. එයා කිව්වා වගේ මං ගොඩක් වෙලාවට dance academy එකේදි එයා එක්ක කාලේ ගත කලා. ඒත්....felixගෙ හිතේ මං ගැන ආදරයක් ඇතිවෙලා කියලා දැනන් හිටියනම් මං කවදාවත් ඒ වගෙ කිට්ටුවෙන් එයාව ආශ්‍ර්‍ය කරන්නෙ නෑ.

V - හරි පුදුමයි හියුන්ග්. එයා එදා eommaගෙ funeral එක දවසේ පිට කලේ එයාගේ වේදනාව. අපි නොදැක්කට එතනින් එහා felix මොන දුකක් විඳින්න ඇතිද??

Jk - හ්ම් ඔව් චූටි. මං ඔයාට ආදරෙයි කිව්ව දවසේ ඔයා මාව ප්‍රතික්ෂේප කලනම් මටත් ඒ වේදනාව මොන වගේද කියලා දැනෙන්න තිබුණා.

( දෙදෙනා අතර ඇති වූ සංවාදය නවතින්නට වූයේ නොදැනුවත්වම නිවෙස කරා පැමිණ තිබූ නිසාවෙනි )

Jin - ආවද මගේ පැටව් දෙන්නා??

Jk - ඔව් appa. අදනම් ටිකක් මහන්සියි.

Jin - කෑම බෙදලා තියෙන්න දරුවෝ. Wash දාලා ඇවිත් චූටි පුතා එක්ක කන්න.

Jk - ඔයා ගිහින් මුලින් wash දාගෙන එන්න චූටි. මං ඊට පස්සෙ wash දාන්නම්.

( සිරුරට දැනුණු තෙහෙට්ටුව නිසාවෙන් jkගෙ අණට කීකරු වූ v ඇගපත සෝදා ගැනීම සඳහා පිටත් විය )

Jin - ඇයි පුතේ චූටි පුතා කොර ගහන්නෙ??

Jk - ඊයේ අපේ mingyu පැටියා එක්ක සබන් බෝල යැව්වනේ kitchen එක පැත්තෙ තියෙන garden එකේ. ඒ මිදුලෙ බොරළුනෙ තියෙන්නෙ. උඩ පැනලා නටලා ගල් ඇණගෙන විලුඹේ. පව් appa මට හරි දුකයි චූටි ගැන.

Jin - අනේ පව් දරුවෝ අහිංසකයා.

Jk - ඔව් appa. අද හරි වැඩක්නෙ උනේ.

( felix එවා ඇති කෙටි පණිවිඩ කිහිපයත් felix වෙනුවට v ඉදිරිපත් වූ ආකාරයත් , ගායනයට සහ නර්තනයට v පෙන්වූ දක්ෂතාවයත් යනාදී සියල්ල පිලිබඳව jk තම පියාට පවසන්නට වූයේ කලකට පසුව හමු වූ මිතුරන් දෙදෙනෙකු ආ ගිය තොරතුරු බෙදා ගන්නාක් මෙනි )

BF foreverWhere stories live. Discover now